ක‍්‍රිස්තුස් නම් මිදුම්කරුවාණෝ නැමති සුප‍්‍රසිද්ධ පිළිරුව රියෝද ජැනෙයිරෝ නගරයට ඉහළින් හොඳින් පෙනේ. එය ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුරුවකි. එහි දෑත් දෙපසට දිගුවී ඇත. ශරීරය කුරුසිපත් ආකාරයට සාදා තිබේ. බ‍්‍රසීලියානු ජාතික නිර්මාණ ශිල්පියෙකු වන හෙයිටර් ඩා සිල්වා කොස්තා එය නිර්මාණය කළේය. අළුයම අඳුරෙන් පිටතට එන්නාවූ පළමු රුව ලෙස එය දැකීමත් සන්ධ්‍යාවේ බැසයන හිරු පිළිරුවේ හිස වටා ආලෝක කදම්බයක් ලෙස පුරවැසියන් දැකීමත් ඔහුගේ බලාපොරොත්තුව විය.

සෑම දිනකම අපගේ දෑස් මිදුම්කරුවාණන් දෙස තැබීම වටී. එ් හොඳ හෝ නරක කාලවලදීය. යෝබ් වේදනා විඳින විට කීවේ “මාගේ මිදුම්කාරයාණන් සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි” යනුවෙනි (යෝබ් 19:25).

යෝබ්ගේ හදවතේ හඬ අපට පෙන්වන්නේ යේසුස්වහන්සේය. එ් අපගේ ගැළවුම්කරුවාණන්ය. උන්වහන්සේ කෙදිනක හෝ මේ පෘථිවියට එනු ඇත (1 තෙසලෝනික 4:16-18). අපගේ දෑස් යේසුස්වහන්සේ මත තබා ගැනීම යන්නෙන් අර්ථවත් වන්නේ අපගේ පාප වලින් අප ගැළවී ඇති බව සිහිකිරීම වේ. “උන්වහන්සේ (යේසුස්වහන්සේ) සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා යහපත් ක‍්‍රියා ගැන ජවලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත‍්‍රකරගන්න පිණිස අප උදෙසා තමන්ම දුන්සේක” (තීතස් 2:14).

යේසුස්වහන්සේ තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත් ඕනෑම කෙනෙකුට සතුටුවීමට හේතුවක් ඇත. අප මොලොවදී කුමකට මුහුණ දුන්නද අපට බලොපොරොත්තුවක් තිබේ. උන්වහන්සේ සමඟ සාදාකාලය භුක්ති විඳීමට අපි බලා සිටිමු.