මිනසෝටා ප‍්‍රාන්තයේ නොර්ත් ෆීල්ඞ් ප‍්‍රදේශයේ ශාන්ත ඕලොෆ් සංගීත කණ්ඩායම අනර්ඝ සංගීත නිපදවීමට ප‍්‍රසිද්ධය. එහි නිපුණත්වයට එක් හේතුවක් නම් ඔවුන්ගේ තෝරාගැනීමේ ක‍්‍රියාවලියයි. ඉල්ලුම්කරුවන් තෝරාගන්නේ ඔවුන් ගායනා කරන ක‍්‍රමයෙන් පමණක් නොවේ. මුළු කණ්ඩායම සමඟ ගායනා කිරීමේදී ඔවුන්ගේ හඬද සැලකිල්ලට ගැනේ. තවත් හේතුවක් වන්නේ සියලු සාමාජිකයන් සංගීත කණ්ඩායම තමන්ගේ මූලික ප‍්‍රමුඛතාව ලෙස සලකා කැපවීමක් කරන අතර දුෂ්කර පුහුණු වීම් සහ සංදර්ශන කාලසටහනට කැමති වීමය.

මෙම සංගීත කණ්ඩායම පිළිබඳ මා පුදුමයට පත් කරන එක් කාරණයක් පෙරහුරුවල දී සිදුවේ. සාමාජිකයෙකු වරදක් කළ කුමන විටක වුවද ඔහු තම අත ඔසවයි වරද සැඟවීමට උත්සාහ නොකර ඔව්හු වරද දෙසට අවධානය යොමු කරති. එ් නිසා එක් එක් ගායකයාට අසීරු කොටස ඉගැන්වීමට සංගීත අධ්‍යක්ෂකට හැකිය. එසේම වැරදි අඩු සංදර්ශනයකටද එය මඟ පාදයි.

දෙවියන්වහන්සේ තම පුත‍්‍රයාණන් ලෝකයට එව්වේ එය විනිශ්චය කිරීමට නොව ගැළවීමට කියා යේසුස්වහන්සේ නිකොදේමුස්ට කියමින් උත්සාහ කළේ එවැනි සමූහයක් ගොඩනැගීමට යැයි මම සිතමි (යොහන් 3:17). මෙම දෙබසට ටික වේලාවකට පසු යේසුස්වහන්සේට පොදු ළිඳ අසලදී සමාරිය ස්ත‍්‍රියක් මුණ ගැසිණ. ඇයට තම වරද පිළිගැනීම පහසු කරමින් සමාව භුක්ති විඳිය හැකි වඩා හොඳ ජීවිතයක් උන්වහන්සේ ඇයට පොරොන්දුවූසේක (යොහන් 4).

මෙලොව ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සමාජිකයන් ලෙස අපගේ වැරදි පිළිගැනීමට අප බිය නොවී එම අත්දැකීම ලබා ගැනීමටද දෙවියන්වහන්සේ දෙන සමාව ගැන ප‍්‍රීතිවීමටද අවස්ථාවක් කරගතයුතුය.