මාගේ ගම පිහිටා ඇති උතුරු ඝානාවේ දෙසැම්බර් සහ මාර්තු අතර වියළි සෘතුවේ ලැව්ගිනි සාමාන්‍ය දෙයකි. ගිනිමැල සහ නොසැලකිලිමත් ලෙස විසිකරන සිගරැට් කොටවලින් ඇතිවන ගිනිපුපුරු සුළඟට ගසාගෙන යෑමෙන් ගොවි පොළවල් අක්කර ගණන් ගිනිගෙන දැවෙනවා මම දැක ඇත්තෙමි. වියළි තණබිම් වලට ගිනි ඇවිලීමට අවශ්‍ය වන්නේ ඉතා කුඩා ගිනි පුපුරක් පමණි.

යාකොබ් දිව විස්තර කරන්නේ ද එලෙසය. ඔහු “එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්ය. එ් මුළු ශරීරය කලුටුකොට සකල ලෝකයට ගිනි අවුලුවාලයි. එ්කට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය” යනුවෙන් හඳුන්වයි (යාකොබ් 3:6). බොරු ප‍්‍රකාශයක් හෝ නැතිතැන යමක් කීම හෝ දරුණු වචනයක් නිසා සබඳතා බිඳවැටේ. “කඩුවෙන් අනින්නාක්මෙන් රළුබස් කීමක් තිබේ” කියා හිතෝපදේශ 12:18 පවසයි. එහෙත් ඥාණවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.” ගින්දරට විනාශකාරී සහ ප‍්‍රයෝජනය ගෙන දෙන හැකියාවන් දෙකම ඇතිවාක් මෙන් ජීවිතයත් මරණයත් ගෙන ඒමට දිවට බලය තිබේ (18:21).

දෙවියන්වහන්සේගේ අභිමුඛය අප තුළ ඇති බව පෙන්වන්නාවූද උන්වහන්සේ ප‍්‍රසන්න කරන්නාවූද අපගේ දෙබස “නිතරම… අනුග‍්‍රහයෙන් යුක්තව තිබේවා” (කොලොස්සි 4:6). එකඟවීමට නොහැකි අවස්ථාවලදී අපගේ අදහස ප‍්‍රකාශ කරන විට උන්වහන්සේට ගෞරවය ගෙනෙන යහපත් වචන තෝරා ගැනීමට දෙවියන්වහන්සේගෙන් උපකාරය ඉල්ලමු.