1877දී පුරා විද්‍යාඥයෝ ඉරාකයෙන් (බබිලෝනිය) ඉතා වැදගත් භාණ්ඩයක් සොයාගත්හ. එහි දිග අඟල් 9කි. වසර 2500කට පෙර කෝරෙෂ් රජු කළ යමක් එම සිලින්ඩරයෙහි සඳහන්වේ. සෙනඟට තම ශුද්ධ දේශවලට ගොස් තම “ශුද්ධ නගරයන්” ගොඩනැගීමට ඉඩ දුන් බව එහි සඳහන්වේ.

එස්රා 1හි සඳහන් වන කථාවද එයමය. “ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළඹවූසේක” (1 පදය). කෝරෙෂ් ප‍්‍රකාශ කළේ තමා යෙරුසලමට ගොස් ඔවුන්ගේ නිවාස නැවත ගොඩනගා ඔවුන්ගේ දේව මාළිගය නැවත සාදන පිණිස බබිලෝනියේ වහලුන් නිදහස් කරන බවය. (2-5 පද). එහෙත් එ් කථාවට ඊට වඩා යමක් ඇතුලත්ය. දානියෙල් තමාගේ පව්ද තම සෙනඟගේ පව්ද කියාදී බබිලෝනි වහල්කම අවසන්කරන්නැයි දෙවියන්වහන්සේගෙන් ඉල්වීය (දානියෙල් 9). ඊට ප‍්‍රතිචාරයක් ලෙස දෙවියන්වහන්සේ දානියෙල්ට කථා කිරීමට එදින දේව දූතයෙකු එවූසේක (21 පදය). පසුව උන්වහන්සේ හෙබ්‍රෙව්වන් නිදහස් කිරීමට කෝරෙෂ් පෙළඹවූසේක (යොරෙමියා 25:11-12· 39:10).

දේව වචනය සමඟ කෝරෙෂ් සිලින්ඩරය අපට පෙන්වන්නේ රජුගේ සිත වෙනස්වී ඔහු තමන්ගේ ගමට ගොස් නමස්කාර කිරීම සඳහා සෙනඟට ඉඩ හැරිය බවය.

එම කථාව තුළ අද අපට පාඩමක් තිබේ. පාලනයක් නැතැයි සිතන ලෝකයක නායකයන්ගේ සිත් දෙවියන්වහන්සේට පෙළඹවිය හැකි බවට එය සහතිකයකි. අප හිතෝපදේශ 21:1හි “රජුගේ සිත… ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී” යනුවෙන් කියවමු. රෝම 13:1හි “දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය” යනුවෙන් සඳහන්වේ.

අපගේ සහ අප නායකයන්ගේ සිත් වෙනස් කළ හැකි ස්වාමීන්වහන්සේ පාලනයේ සිටිනසේක. උන්වහන්සේ විශ්වාස කළ හැකිය. ක‍්‍රියාත්මක වන්නයැයි උන්වහන්සේට අපි පවසමු.