යේසුස්වහන්සේ මෙලොව ජීවත්වන කාලයෙහිදී උන්වහන්සේ තමන් වෙතට එන්නයැයි සෙනඟට ආරාධනා කළසේක. අදද උන්වහන්සේ එසේ කරනසේක (යොහන් 6:35). එහෙත් උන්වහන්සේ සහ පියාණන් සතු එසේම අපට අවශ්‍ය දෙය කුමක්ද?

ගැළවීම – පාපයට සමාව සහ ස්වර්ගයට යෑමේ පොරොන්දුව ලබාගත හැක්කේ යේසුස්වහන්සේගේ මාර්ගයෙන් පමණි. “උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3:16).

අරමුණ – අපගේ සිත, මනස, ආත්මය සහ ශක්තිය යේසුස්වහන්සේ අනුගමනය කිරීමට දිය යුතුය. “කවරෙක් නුමුත් මාගේ පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේ කැමැත්ත අත්හැර තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා” (මාර්ක් 8:34).

සහනය – සෝදිසියේදී හෝ දුකෙහිදී “සැම සැනසිල්ලේ දෙවිවූ… උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක” (2 කොරින්ති 1:3-4).

ප‍්‍රඥාව – තීරණ ගැනීමේදී අපට ඇති ප‍්‍රඥාවට වඩා පඥාවක් අපට අවශ්‍යවේ “නුඹලාගෙන් යමෙකුට ප‍්‍රඥාව අඩු නම්… දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ” (යාකොබ් 1:5).

ශක්තිය – “ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක” (ගීතාවලිය 29:11).

අධික ජීවනය – පරිපූර්ණ ජීවිතයක් ලැබෙන්නේ යේසුස්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවයකිනි. “මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය” (යොහන් 10:10).

“මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත” (යොහන් 6:37). එන්න!