මා ළමාකල නිවාස 140කට පමණ පුවත්පත් බෙදුවෙමි. එම නිවාස දෙක තිබූ මාර්ග දෙක සන්ධිවී තිබුණේ මිනී පිට්ටනියකිනි. මම උදෑසන පත්තරය බෙදූ නිසා පාන්දර 3ට පාරට බැස්සෙමි. අඳුරේම එම මිනී පිට්ටනිය මැදින් යන විට විශාල බියක් ඇතිවූ බැවින් මම ඉක්මනින් දිව්වෙමි. අනිත් පැත්තේ විදුලි කණුවක් යටට දුවන තෙක් මම භීතියෙන් සිටියෙමි. බියජනක අඳුර ආලෝකයෙන් දුරුවිය.

ගීතිකාකරුට බිය සහ අඳුර අතර සබඳතාව අවබෝධ විය. එහෙත් දෙවියන්වහන්සේ එම බියට වඩා ශ්‍රේෂ්ඨ බව ඔහු දැන සිටියේය. ඔහු ලිව්වේ “රාත‍්‍රී භිතියටවත් දවාලේ විදින හී ගසකටවත් අඳුරේ යන වසංගතයටවත් ඉර මුදුන්වේලේ පාළුකරන විනාශයටවත් නුඹ භය නොවන්නෙහිය” (ගීතාවලිය 91:5-6) කියාය. රාත‍්‍රියේ භිතිය හෝ අඳුරේ නපුර නිසා අපි බියට තල්ලු විය යුතු නැත. අපට දෙවි කෙනෙක් සිටී. උන්වහන්සේ ලෝකයේ ආලෝකය වන තම පුත‍්‍රයාණන් එවූසේක (යොහන් 8:12).

දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය, අනුග‍්‍රහය සහ සත්‍යයේ ආලෝකයෙන් උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීම සඳහා අපට ධෛර්යයද උපකාරයද ශක්තියද ලැබිය හැකිය.