ගිඩියොන් සාමාන්‍ය පුද්ගලයෙකි. විනිශ්චයකාරයා 6හි සඳහන් ඔහුගේ කථාව මාගේ සිත් ගනී. ඔහු බිය ගුලුගොවියෙකු විය. මිදියන්වරුන්ගෙන් ඉශ‍්‍රායෙලය ගැළවීමට ගිඩියොන්ව කැඳවූ වෙලේ ඔහුගේ ප‍්‍රථම ප‍්‍රතිචාරය වූයේ “කුමකින් මා ඉශ‍්‍රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සෙහි ඉතා දිළිඳු පවුලය. මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමි” යන්නය (විනිශ්චයකාරයා 6:15). තමන්වහන්සේ ගිඩියොන් සමඟ සිටින බවත් ඔහුට කිරීමට කියා ඇතිදේ ඉෂ්ඨ කිරීමට ඔහුට හැකියාව ලැබෙන බවත් දෙවියන්වහන්සේ ඔහුට පොරොන්දුවූ සේක (16 පදය). ගිඩියොන්ගේ කීකරුකම ඉශ‍්‍රායෙලයට ජය ගෙනාවේය. ඔහු ඇදහිල්ලේ එක් ශ්‍රේෂ්ඨ වීරයෙකු ලෙස දේවවචනයේ ලේඛණගතව ඇත (හෙබ්‍රෙව් 11:23).

තවත් බොහෝ අය මෙම දැඩි සතුරු හමුදාවෙන් ඉශ‍්‍රායෙල් ගැළවීමේ ශ්‍රේෂ්ඨ සැලැස්මට කැපී පෙනෙන සේවයක් කළෝය. දෙවියන්වහන්සේ ගිඩියොන් හට මිනිසුන් 300ක් සටන ජයගැනීම පිණිස සැපයූසේක. ඔවුන් සියල්ලෝ බලවත් වීරයෝ වූහ. ඔවුන්ගේ නම් අපට කියා නැත. එහෙත් ඔවුන්ගේ කීකරුකම සහ නිර්භීතකම දේව වචනයේ සඳහන්වේ (විනිශ්චයකාරයා 7:5-23).

අදද දෙවියන්වහන්සේ සාමාන්‍ය මිනිසුන්ව උන්වහන්සේගේ සේවයට කැඳවනසේක. එසේම අප එය කරන අතර අප සමඟ සිටීමට උන්වහන්සේ සහතික වනසේක. අපි දෙවියන්වහන්සේ විසින් භාවිතා කරනු ලබන සාමාන්‍ය සෙනඟ නිසා බලය පැමිණෙන්නේ අප තුළින් නොව දෙවියන්වහන්සේ තුළින්ය.