කර්තෘ විලියම් සින්සර් ඔහු හැදුණු වැඩුණු නිවසට ගිය අවසන් අවස්ථාව විස්තර කළේය. ඔහු ළමයෙකු ලෙස එය ඉතා ආශා කළාවූ ස්ථානයක් විය. මැන්හැසෙට් බොක්ක සහ ලෝංග් අයිලන්ඞ් සවුන්ඩ් දූපතට ඉහළින් ඇති කඳුගැටයට ඔහු සහ ඔහුගේ භාර්යාව ගිය විට නිවාසය විනාශ වී ඇති බව පෙණින. ඉතිරිවී තිබුණේ විශාල වලකි. අධෛර්යයමත්වී ඔව්හු අසල තිබූ මුහුදු පවුර වෙත ගියෝය. ඔහු සින්සර් වරාය අවට නැරඹීය. දර්ශන සහ ශබ්ද ග‍්‍රහණය කළේය. පසුව ඔහු එම අත්දැකීම ගැන ලීවේ “මම සාමයෙන් සිටියා, ටිකක් දුක්වුණා. දර්ශනය එසේම තිබුණා. ගොඩබිම සහ මුහුදේ පිහිටීම මට කෙතරම් මතකද කිවහොත් අදත් මම එ් ගැන සිහින මවනවා.”

තම අධ්‍යාත්මය අසීරුතාවට පත්ව සැනසීම ප‍්‍රතික්ෂේපකර ආත්මය දරාගැනීමට නොහැකිවූ කාලයක් ගැන ගීතිකාකරු ලියයි (ගීතාවලිය 77:2-3). එහෙත් ඔහුගේ කරදරය මධ්‍යයෙහි ඔහුගේ අවධානය ඔහු දුක වෙතින් තම ගැළවුම්කරුවාණන් වෙත යොමු කළේය. “මහෝත්තමයාණන්ගේ දකුණතේ අවුරුදු සිහිකරන්නෙමි. ස්වාමීන්ගේ ක‍්‍රියා සඳහන් කරන්නෙමි… ඔබගේ පුරාණ ආශ්චර්යයන් සිහි කරන්නෙමි” කියා ඔහු පවසයි (10-11 පද).

කළකිරීම සමඟ ක‍්‍රියා කිරීමේදී අපට අපගේ අලාභය දෙස හෝ දෙවියන්වහන්සේ දෙස අපගේ අවධානය යොමු කළ හැකිය. ස්වාමීන්වහන්සේ අපට ආරාධනා කරන්නේ උන්වහන්සේ දෙස බලා උන්වහන්සේගේ යහපතෙහි පරිමාවද උන්වහන්සේ අප සමඟ තබා ඇති අභිමුඛය සහ උන්වහන්සේගේ සදාකාලික ප්‍රේමය දෙස ද බැලීමටය.