ෆ‍්‍රැන්සිස් ඇලන් මා යේසුස්වහන්සේ වෙත ගෙන ආවේය. දැන් යේසුස්වහන්සේ මුහුණට මුහුණ හමුවීමට ෆ‍්‍රැන්සිස්ගේ වේලාව පැමිණ තිබේ. මතක හිටින අර්ථවත් යමක් කීමට මට අවශ්‍ය විය. පැයක් පමණ මම ඔහුගේ ඇඳ අසල සිටියෙමි. මා ගැන මා කිවූ කථා අසා ඔහු බොහෝ සිනහ විය. ඉන්පසු ඔහුට වෙහෙස විය. එවිට අපි බැරෑරුම් දේවල් කථා කිරීමට පටන් ගතිමු. තවමත් මගේ ජීවිතයේ සැකසිය යුතු දේවල් නිවැරදි කිරීමට ඔහු තම ශක්තිය වැය කළේය. ඔහුට නැවත හමුවෙමු කියා කියන්නේ කෙසේද කියා කල්පනා කරමින් මම ඔහුට ඇහුම් කන් දුනිමි.

මට අවස්ථාවක් ලැබීමට පෙර ඔහු මාව නැවැත්වීය. “රැන්ඩි මතකද! මම හැමදාම කියනදේ, ජීවිත කථාවට අපි බය වෙන්න අවශ්‍ය නැත! හේතුව එ්ක අවසන් වන්නේ කොහොමද කියා අපි දන්නවා, මම බය නැහැ! මම ඔබට ඉගැන්වූ දේවල් ගොස් ඔබ කරන්න.” එම අභියෝගාත්මක වදන් පාවුල් අපොස්තුළුවරයා පිලිප්පියේ ඇදහිලිවන්තයින්ට කී වචන මට මතක් කළේය. “නුඹලා ඉගෙන ගත්තාවූ පිළිගත්තාවූ මා තුළ තිබෙන බව ඇසුවාවූ දුටුවාවූ දේවලුත් කරන්න” (පිලිප්පි 4:9).

මා පළමුව ඔහු දුටු දිනයේ ඇලන්ගේ ඇසෙහි තිබූ දීප්තිය අවසන් දිනයෙහිදී ද තිබිණ. ඔහුගේ සිතෙහි බියක් නොවීය.

මා ලියන බොහෝ වචන, මා කියන කථා, මා සේවය කරන සෙනඟ, ෆ‍්‍රැන්සිස්ගේ ස්පර්ශයට හසුවී තිබේ. අප ජීවිතය හරහා යන ගමනේදී අප ආත්මිකව දිරිමත් කළ අය අපි මතක තබා ගනිමු.