18වන සියවසේ අවසාන භාගයේ යේසුස්වහන්සේ පිළිබඳ ශුභාරංචිය බෙදාගැනීමට ඉන්දියාවට පැමිණීමට විලියම් කේරිහට කැඳවීමක් ලැබිණි. ඔහු අවට සිටි සභාපාලකවරු ඔහුට අපහාස ලෙස කීවේ “තරුණයා, ඉන්දියාවේ කව්රුහරි ගලවන්නට දෙවියන්වහන්සේට අවශ්‍ය නම් මාගේ හෝ ඔබගේ උදව්ව නැතිව උන්වහන්සේ ඒක කරාවි!” කියාය. හවුල්කාරත්වය ඔවුන්ට අමතක විය. අප වැනි අය නැතිව දෙවියන්වහන්සේ මේ ලෝකයේ කරන්නේ ඉතා ස්වල්පයකි.

මෙලොව දෙවියන්වහන්සේගේ සේවයේ කොටස්කරුවන් ලෙස දෙවියන්වහන්සේගේ කැමැත්ත සිදුවේ කියා අප විශ්වාස කරන්නෙමු. එසේම අපගෙන් අවශ්‍ය වන දේවල් සඳහා අප කැපවෙමු. “ඔබගේ රාජ්‍යය එ්වා… ඔබගේ කැමැත්ත… කරනු ලැබේවා” (මතෙව් 6:10). මේවා නිශ්චල ඉල්ලීම් නොව ශුද්ධවූ ආඥාය. අපට සාධාරණත්වය දෙන්න! ලෝකය නිවැරදි කරන්න!.

අපට කිරීමට විවිධ කාර්යයන් තිබේ. එනම් දෙවියන්වහන්සේ සහ අප එකතුවීය. අපගේ ක‍්‍රියා සහ යාච්ඤා තුළින් දේව රාජ්‍යයේ සේවය කරමින් යේසුස්වහන්සේගේ පියවර අනුගමනය කිරීම අපගේ කාර්යයවේ.

කොලොස්සි 1:24හි පාවුල්ගේ උපමාවට අනුව අපි මෙලොව ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරයවෙමු. අප සේවය කරන අයට ක‍්‍රිස්තුස්වහන්සේ සේවය කරනසේක. අප කැඩුණු බිඳුනු අයට දයාව දිගුකරන විට අප ක‍්‍රිස්තුස්වහන්සේගේ දෑත් වලින් ඔවුන්ට ළඟා වන්නෙමු.