1970 දශකයේ මුල් වසර වල ඝානාවේ “මිනිසාගේ සිත” යන මාතෘකාව ඇතිව තාප්ප වල සහ පොදු දැන්වීම් පුවරුවල පෝස්ටරයක් ඇලවිණ. එක් චිත‍්‍රයක සියලු වර්ගවල උරගයින් – නපුරු සහ පිළිකුල් දේවල සංකේත – වලින් චිත‍්‍රයේ හදවත පුරවා තිබිණි. ඉහළින් තිබූ මනුෂ්‍ය මුහුණ ඉතා අසතුටින් සිටින පුද්ගලයෙකු පෙන්නුම් කළේය. අනිත් චිත‍්‍රයේ හදවත පිරිසිඳුව චිත‍්‍රයට නගා තිබිණි. මුහුණ පෙන්නුම් කළේ ප‍්‍රීතිමත් පුද්ගලයෙකි. රූපයට පහලින් වූ වැකිකඩෙහි “ඔබගේ හදවත කෙසේද?” කියා අසා තිබිණි.

මතෙව් 15:18-19 පුද්ගලයෙකු කුමකින් දූෂ්‍යවන්නේද කියා පවසයි: “කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත‍්‍රවෙන්නේ එයින්ය. මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.” දෙවියන්වහන්සේගෙන් වෙන්වූ හදවතක තත්ත්වය එයයි. තම පාපය නිසා විප‍්‍රවාසයට යාමට බලකෙරුණු ඉශ‍්‍රායෙල්වරු සිටියේ එවැනි තත්ත්වයකය (එසකියෙල් 36:23).

එසකියෙල් 36:26 දෙවියන්වහන්සේගේ පොරොන්දුව අලංකාරය: “මම අලුත් සිතක් නුඹලාටදී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි” (11:19). සෑම ආකාරයේ නපුරෙන් දූෂ්‍යවූ අපගේ මුරණ්ඩු සිත දෙවියන්වහන්සේ ඉවත්කර උන්වහන්සේට ප‍්‍රතිචාර දක්වන පිවිතුරු සිතක් අපට දෙනසේක. එවැනි මනහර ත්‍යාගයක් දෙන නිසා දෙවියන්වහන්සේට අපි ප‍්‍රශංසා කරමු.