බොහෝ පවුල් සතුව පවුල පිළිබඳ කථා ඇත. අපගේ පවුල පිළිබඳ කථාවකින් මගේ නම ලැබුණු ආකාරය කියවේ. මගේ දෙමව්පියන්ගේ විවාහයේ මුල් කාලයේදී ඔවුන්ගේ පළමු පුත‍්‍රයාට දමන නම පිළිබඳව එකඟතාවක් නොවීය. මවට පියාගේ නම පුත‍්‍රයාට දැමීමට උවමනා විය. එහෙත් පියා “ජූනියර්” ලෙස තම පුතු ඇමතීමට එතරම් කැමැත්තක් නොදැක්වීය. බොහෝ සාකච්ඡා වලින් පසු ඔවුන් තීරණය කළේ පියාගේ උපන් දිනයේදී පුතෙකු ඉපදුනහොත් පමණක් ඔහුට ජූනියර් යන නම තබන බවය. විස්මය ජනක ලෙස මම පියාගේ උපන් දිනයේදී ඉපදුනු බැවින් මට ඔහුගේ නමට ජූනියර් යන්න එකතු කර තබන ලදී.

දරුවන්ට නම් තැබීමට කාලය තරම් ඉතිහාසයක් ඇත. යෝසෙප් තම පෙම්වතිය වන මරියා ගැබ්ගෙන ඇති බව අසා අරගලයක යෙදී සිටින විට දේව දූතයා ළදරුවා නම් කිරීම පිළිබඳ අදහස පියාණන්ගෙන් ඔහු වෙත ගෙන ආවේය. “ඈ පුත‍්‍රයෙකු බිහි කරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය.” (මතෙව් 1:21). උන්වහන්සේගේ නම යේසුස් වනවා පමණක් නොව එය උන්වහන්සේගේ පැමිණීමට හේතුව පහදා දෙනු ඇත. එනම් අපගේ පාපයට අපට සුදුසු දඬුවම උන්වහන්සේ විඳිනවා ඇත. ගව මඩුව පසුපස ඇති උන්වහන්සේගේ මිදීමේ අරමුණ සියලු නාමවලට වඩා උසස් නාමය වන එම සම්පූර්ණ නමෙහි ගැබ්ව ඇත.

එම මනහර නාමයට ගරුත්වය දෙන ලෙස ජීවත් වීම අපගේ ආශාව නොවේද?