මම යෞවනයන් හතර දෙනෙකු සහ විසි ගණන් වල සිටි සිඟන්නෙකු සමඟ ඇලෙස්කාවේ දානශාලාවක සිටින විට යෞවනයන් ඔහුට දැක්වූ අනුකම්පාව මගේ සිත ගත්තේය. ඔව්හු ඔහු කියන දෙයට ඇහුම්කන්දී මෘදු ලෙසින් ශුභාරංචිය ඔහුට කියා දුන්නෝය. ප්‍රේමයෙන් ඔහුට යේසුස්වහන්සේ ගැන බලාපොරොත්තු දුන්නෝය. කණගාටුවට කරුණ නම් මිනිසා ශුභාරංචිය ගැන සිතීම ප‍්‍රතික්ෂේප කිරීමය.

අප පිටත්වන විට ග්‍රේස් නැමති යෞවනිය කඳුළු සලමින් පැවසුවේ යේසුස්වහන්සේ නොදැන මිනිසා මිය යෑම ඇයට දරාගත නොහැකි බවය. මුළු සිතින්ම ඇය මේ තරුණයා ගැන දුක්විය. ඔහු එම අවස්ථාවේ ගැළවුම්කරු ප‍්‍රතික්ෂේප කරමින් සිටියේය.

මෙම යෞවනියගේ කඳුළු මට මතක් කළේ තම රට වැසියන් ක‍්‍රිස්තුස්වහන්සේ විශ්වාස කරනු ඇතැයි ආශා කළාවූ යටත් කමින් ස්වාමීන්වහන්සේට සේවය කරනු ඇතැයි ආශා කළාවූ පාවුල් අපොස්තුළුවරයාගේ විශාල වේදනාවය (රෝම 9:1-5). පාවුල්ගේ සානුකම්පාව සහ සැලකිල්ල බොහෝ අවස්ථාවල ඔහුට කදුළු ගෙන එන්නට ඇත.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් දෙන පාප සමාවේ ත්‍යාගය පිළිගෙන නැති අයට අපි ප‍්‍රමාණවත්ව සලකන්නේ නම් ඔවුන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමේ මාර්ග අපි සොයාගනු ඇත. අපගේ ඇදහිල්ල සහතිකය සහ අනුකම්පාවේ කදුළු සහිතව ගැළවුම්කරුවාණන් අවශ්‍ය අයට ශුභාරංචිය ගෙන යමු.