කුඩා පිරිමි ළමයි දෙදෙනෙක් නූල් සහ කෝටු වලින් සංකීර්ණ ක‍්‍රීඩාවක් කරමින් සිටියහ. විනාඩි කිහිපයකට පසු ලොකු පිරිමි ළමයා තමාගේ මිත‍්‍රයා වෙත හැරී කෝපයෙන් කීවේ “ඔයා එ්ක හරියට කරන්නේ නැහැ. මේක මගේ ක‍්‍රීඩාව. එ්ක කරන්න ඕනේ මගේ ක‍්‍රමයට, ඔයාට ආයි මේක කරන්න බැහැ!” යනුවෙනි. කරුණු අපගේ ක‍්‍රමයට කිරීමේ ආශාව ආරම්භ වන්නේ කුඩා කාලයේදීය!

නාමන් තමාගේ ක‍්‍රමයට වැඩකර පුරුදු කෙනෙකි. ඔහු සිරියාවේ රජුගේ හමුදාවේ ආඥාපතියාව සිටියේය. එහෙත් නාමන්ට සුව නොවන රෝගයක් තිබිණි. එක් දිනක් ඉශ‍්‍රායෙලයෙන් අල්ලා ගෙනත් තිබූ ඔහුගේ භාර්යාවගේ සේවිකාව යෝජනා කළේ ඔහු දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ එලිෂාගෙන් සුවය සෙවිය යුතු බවය. නාමන් එය කිරීමට අත්‍යවශ්‍ය තත්ත්වයක සිටියේය. විශාල සැමරීමකින් සහ ගරුත්වයකින් තමාව සුවකරාවි යැයි ඔහු බලාපොරොත්තුවිය. එහෙත් යොර්දාන් නදියේ හත්වරක් ගිලිය යුතු යැයි එලිෂා ඔහුට පණිවුඩයක් යැවූ විට ඔහු කෝප විය. ඔහු එය ප‍්‍රතික්ෂේප කළේය (2 රාජාවලිය 5:10-12). අවසානයේ ඔහු යටත්වී දෙවියන්වහන්සේගේ ක‍්‍රමයට කළ විට පමණක් එය සිදුවිය (13-14 පද).

“මම මගේ ක‍්‍රමයට එය කරනවා” කියා ඇති කාල අප සියලු දෙනාටම තිබිය හැකිය. එහෙත් උන්වහන්සේගේ ක‍්‍රමය සෑම විට හොඳම ක‍්‍රමයවේ. එහෙයින් අපගේ ක‍්‍රම නොව උන්වහන්සේගේ මාර්ගය කැමැත්තෙන් තෝරාගැනීම පිණිස අපට යටත්කමේ සිත් දෙන්නයැයි දෙවියන්වහන්සේගෙන් ඉල්ලමු.