ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් වීරවරියකවූ රෝසා පාර්ක්ස් 2005දී මිය ගිය විට ඇය ගැන පැසසුම් කථාව කිරීමට ලැබීම භාග්‍යයක් කොට ඔප්රා වින්ෆ‍්‍රි සැලකුවා. ඔප්රා, 1955දී සුදු මිනිසෙකුට බසයේ තම අසුන දීම ප‍්‍රතික්ෂේප කළ එම කාන්තාව ගැන කීවේ “මම ඒ ගැන බොහෝ සිතුවා, එ් කාලයේ තිබූ තත්ත්වය අනුව ඊට විශාල කැපවීමක් අවශ්‍ය වුනා. වාඩිවී සිටීමට බොහෝ ධෛර්යය අවශ්‍ය වුනා. ඔබ, ඔබ ගැන නොසිතා ක‍්‍රියා කළා අප සියලු දෙනාගේ ජීවිත යහපත් කළා.”

අප සාමාන්‍යයෙන් ඉයුලොණි (eulogy) යන ඉංග‍්‍රීසි වචනය භාවිතා කරන්නේ අවමංගල්‍ය උත්සවයකදී ය. එහෙත් කෙනෙකුට ඉතා උසස් ප‍්‍රශංසාවක් දීමට හැකි වෙනත් තැන්ද අපට මතක් කළ හැක. එපීස පොතේ මුල් පද කිහිපයේ පාවුල් අපොස්තුළුවරයා ජීවමාන දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කළේය. ඔහු කීවේ “පියවූ දෙවියන්වහන්සේට ප‍්‍රශංසාවේවා” එහි “ප‍්‍රශංසා වේවා” යන වචනය ආශිර්වාදය යන අර්ථය දෙන වචනයකි. පාවුල් එපීසවරුන්ට ආරාධනා කළේ සියලු ආකාර ආත්මික ආශිර්වාද නිසා දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කිරීමට ඔහු සමඟ එකතුවන ලෙසය. දෙවියන්වහන්සේ ඔවුන් තෝරාගෙන පවුලට ඇතුලත් කරගෙන තිබේ. යේසුස්වහන්සේ ඔවුන් මුදවා සමාවදී ශුභාරංචියේ අභිරහස ඔවුන්ට එළිදරව් කර ඇත. ආත්මයාණන් ඔවුන් සහතික කර මුද්‍රා කර ඇත. මෙම ශ්‍රේෂ්ඨ ගැළවීම දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ අනුග‍්‍රහයේම ක‍්‍රියාවකි.

දෙවියන්වහන්සේගේ ආශිර්වාදය සහ ක‍්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ සිතුවිලි කේන්ද්‍රීය කිරීමට අපි අඛණ්ඩව කි‍්‍රයා කරමු. අප එසේ කළ විට පාවුල්ගේ මෙන් අපගේ හදවත් “උන්වහන්සේගේ මහිමයේ ප‍්‍රශංසාව පිණිස” යන ප‍්‍රශංසා වාක්‍යයෙන් උතුරා යනවා ඇත.