මාගේ මිතුරිය ඇගේ ජීවිතය සහ පවුල තුළ අසීරු අභියෝගයන් තුළින් ගමන් කරමින් සිටියාය. කුමක් කියන්නද කරන්නද කියා මම නොදත්තෙමි. මම එය ඇයට කීමි. ඇය මා දෙස බලා කීවේ “ළඟින් ඉන්න” කියාය. මා කළේ ද එයයි. ඉන් පසු අපි දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ගැන කථා කිරීම අරම්භ කළෙමු.

බොහෝ විට අන් අය දුක් විඳින විට ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි අපි නොදනිමු. එසේම වචන වලින් යහපතට වඩා හානියක් විය හැකිය. අන් අයට මෙහෙකිරීමට නම් අප ඔවුන් අවබෝධ කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය කුමක්දැයි දැන ගැනීම අවශ්‍යවේ. බොහෝ විට ප‍්‍රායෝගික අවශ්‍යතා සැපයීමෙන් අපට උදව් කළ හැකිය. එහෙත් වේදනා විඳින්නන් දිරිමත් කළ හැකි හොඳම ක‍්‍රමය නම් ළංව සිටීමය. ඔවුන් අසල වාඩිවී ඔවුන්ට ඇහුම්කන්දීම වේ.

අප උන්වහන්සේට අඬගසන විට උන්වහන්සේ අපට ළංව සිටිනසේක. “ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක. ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක, තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.” යනුවෙන් ගීතිකාකරු කියයි (ගීතාවලිය 34:17-18).

අන් අයගේ තත්ත්වයේ ලා සිතීමෙන් සහ අපගේ සිත්වල සානුකම්පාව ඇතිවීමට ඉඩ හැරීමෙන් වේදනා විඳින අයට උපකාර කිරීමට අපට පුළුවන. දෙවියන්වහන්සේ අපට ළංව සිටින්නාක් මෙන් ඔවුන්ට ළංව සිටීමට අපට පුළුවන. එසේම ඔවුන් අසල වාඩිවී සිටීමට අපට හැකිය. වචන අවශ්‍යනම් ශුද්ධාත්මයාණෝ නියම වේලාවේදී එ්වා අපට දෙනු ඇත.