සී එන් එන් මාධ්‍යය මිනිරන් වලින් ගනු ලබන ද්‍රව්‍යයක් “හාස්කම් ද්‍රව්‍යයක්” ලෙස හඳුන්වයි. එය එක් පරමාණුවක ඝණකමින් යුක්තය. ත‍්‍රිමාණ ලෝකයක ග‍්‍රෆීන් ද්විමාන ද්‍රව්‍යයක් ලෙස ප‍්‍රසිද්ධය. එය වානේ වලට වඩා සිය ගුණයක් ශක්තිමත්ය, දියමන්ති වලට වඩා දැඩිය, තඹ වලට වඩා 1000 වාරයකට වඩා හොඳින් විදුලිය ගෙනයයි, රබර්වලට වඩා නැවෙන සුළුය.

එවැනි තාක්ෂණික වර්ධනයක් සදාචාරාත්මකවේ හෝ නපුරුවේ යනුවෙන් පැවසිය නොහැක. එහෙත් අප අපටම සාදාගන්නා දේවල් වල සීමාවන් අප මතක තබා ගත යුතුය.

යෙසායා කථා කළ පරම්පරාව තමන්ගේ අතින් සෑදූ දෙවියන් වහල්කමට යනවිට ගෙන යනු ඇත. අනාගතවක්තෘට, ඉශ‍්‍රායෙල්වරුන්ට පෙන්වා දීමට අවශ්‍යවූයේ තමන්ව ජ්වලිත කිරීමට, උපකාර කිරීමට, සැනසීමට සහ ආරක්ෂා කිරීමට තමන් සාදාගත් රන් සහ රිදී රූප තමන් විසින් ආරක්ෂා කිරීමේ පරස්පර විරෝධීභාවයයි.

ඉශ‍්‍රායෙල්වරුන්ට සත්‍යවූ දෙය අපටද සත්‍යය. අප සාදාගත් හෝ අප මිළදී ගත් කිසිවකට අපගේ සිත්වල අවශ්‍යතා සැපිරිය නොහැක. “ගර්භයේ සිට” අප ඔසවා ගෙන ආවේ දෙවියන්වහන්සේ පමණි (යෙසායා 46:3-4). අපව අනාගතයට ගෙන ගිය හැක්කේද උන්වහන්සේට පමණි.