මා මිතුරෙකුගෙන් ලද පත‍්‍රිකාවක “ස්වාමීන්වහන්සේ සමඟ වසර 86ක සම්බන්ධතාව බෙදාගැනීමේ උත්සාහයක්” යැයි සඳහන් විය. ඇල් ඇකන්හිල් දශක නවයකට ආසන්න තම ඇදහිල්ලේ ගමනෙහි හමුවූ ප‍්‍රධාන සිද්ධීන් සහ සෙනඟ ගැන වාර්තා කිරීමට උත්සාහ දරයි. එම අවස්ථාවල එ්වා සාමාන්‍ය දේවල් යැයි පෙනීගිය බයිබල් පද කටපාඩම් කිරීම, අන් අය සමඟ යාච්ඤාවට එකතුවීම, තම අසල්වාසීන්ට යේසුස්වහන්සේ ගැන කීම වැනි අවස්ථා වුවද ඒවා ඔහුගේ ජීවිතය වෙනස් කළ අවස්ථාවන් විය. දෙවියන්වහන්සේගේ හස්තය ඔහුට මඟ පෙන්වූ ආකාරය කියවීම ඉතා මනහරය.

ගීතිකාකරු කිවේ “මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථීරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප‍්‍රීතිවනසේක” යනුවෙනි (ගීතාවලිය 37:23). ඡේදය අවසන් වන්නේ දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීමට කැමති සියල්ලන් හට ලැබෙන උන්වහන්සේගේ විශ්වාසවන්ත පිහිට ගැන අලංකාර විස්තරයකිනි. “ඔහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔහුගේ සිතෙහිය; ඔහුගේ අඩිවලින් එකක්වත් නොලිස්සන්නෙහිය” (31 පදය).

අප එකිනෙකාට දෙවියන්වහන්සේගේ මඟපෙන්වීම සහ විශ්වාසවන්තකම ගැන වාර්තාවක් නිර්මාණය කළ හැකිය. සෙනඟ, ස්ථාන, සහ අත්දැකීම් ඇදහිල්ලේ ගමනේ මාර්ග සළකුණු ලෙස සටහන් කළ හැකිය. ස්වාමීන්වහන්සේගේ යහපත ගැන සෑම මතක් කිරීමක් උන්වහන්සේ සමඟ ගමන් කිරීමටද යහපත පිණිස අප දිරිමත් කළ කෙනෙකුට ස්තූති කිරීමටද අපට ආභාෂයක්වේ.

තමන්වහන්සේ සමඟ ගමන් කරන සියල්ලන්ට උන්වහන්සේ මඟපෙන්වා උපකාරකරනසේක.