මේ මා වාර්ෂික ශාරීරික පරීක්ෂණය සඳහා වෛද්‍යවරයා හමුවීමට යන කාලයයි. මා සෞඛ්‍යසම්පන්න යැයි මට සිතුනත් සෞඛ්‍ය ගැටළු අත් නොදකිතත් වාර්ෂික පරීක්ෂණ වැදගත් බව මම දනිමි. ඊට හේතුව දැන් සැඟවී තිබුනද පසුව විශාල සෞඛ්‍ය ගැටළු බවට පත්විය හැකි කාරණා මතුකිරීමට මාගේ වෛද්‍යවරයාට ඉඩදීමෙන් දිගුකාලීනව යහපත් සෞඛ්‍යයක් තබා ගැනීමට හැකිබව මම දනිමි.

පැහැදිලිව ගීතිකාකරුට ආත්මිකව එසේ දැනින. සැඟවී ඇති පාපය සොයාගන්න යැයි ඔහු ආයාචනා කරයි. ඔහු යාච්ඤා කළේ “දෙවියන්වහන්ස මා විමසා බලා… යම් නපුරු මාර්ගයක් මා තුළෙහි ඇත්දැයි බලා සාදාකාල මාර්ගයෙහි මා ගෙන ගිය මැනව” යනුවෙනි (ගීතාවලිය 139:23-24). ඔහු දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සහ කොන්දේසි විරහිත පරීක්ෂණයකට ඉඩ දී තමන්ව ආත්මිකව යහපත් සෞඛ්‍යයෙන් තබන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ මාර්ගවලට භාර විය.

එහෙයින් ඔබ නිරෝගීයැයි ඔබට හැඟුනද දැන් පරීක්ෂණයකට කාලයයි! අපගේ හදවතෙහි සත්‍ය තත්ත්වය දන්නේ දෙවියන්වහන්සේ පමණි. අපට සමාවදී සුවකර පවිත‍්‍ර ජීවිතයකට සහ ඵලදායී අනාගතයකට මඟපෙන්විය හැක්කේ උන්වහන්සේට පමණි.