මා අකුරු ලිවීම ඉගෙන ගන්නා විට, මාගේ පළමු වසර ගුරුවරිය මට එක්තරා විධියකට පැන්සල අල්ලන ලෙස කීවාය. ඇය කී ලෙස මම පැන්සල ඇල්ලීමි. එහෙත් ඇය වෙනත් පැත්තක් බැලූ විට මම මුරණ්ඩු ලෙස මට ඕනෑ විධියට පැන්සල ඇල්ලීමි. එම සටනේ රහස් ජයග‍්‍රාහකයා මා යැයි මම සිතුවෙමි. දැනුත් මා පැන්සල අල්ලන්නේ මා කැමතිවූ ආකාරයටය. එහෙත් මාගේ මුරණ්ඩු පුරුද්ද කෙදිනක හෝ මාගේ අත ඉන්මනින් වෙහෙස කරනු ඇතැයි මාගේ ණැනවත් ගුරුවරිය දැන සිටි බව දශක ගණනාවකට පසු මට දැන් අවබෝධ වේ.

තමන්ට හොඳ කුමක්ද කියා බොහෝ විට දරුවන්ට නොතේරේ. ඔවුන්ට එ් මොහොතේදී අවශ්‍ය දෙය අනුව ඔව්හු ක‍්‍රියාකරති. “ඉශ‍්‍රායෙල්වරු” පරම්පරාවෙන් පරම්පරාවට සත්‍ය එකම දෙවියන්වහන්සේ වෙනුවට අවට ජාතීන්ගේ දෙවිවරුන් නමස්කාර කිරීමට මුරණ්ඩු වී ක‍්‍රියා කළෝය. ඔවුන්ගේ ක‍්‍රියා ස්වාමීන්වහන්සේ දැඩි කෝපයට පත් කළේය. ඔවුන්ට හොඳ කුමක්දැයි දෙවියන්වහන්සේ දැන සිටිසේක. උන්වහන්සේ තම ආශිර්වාද ඔවුන් ගෙන් ඉවත්කළසේක (විනිශ්චයකාරයා 2:20-22).

සභාපාලක රික් වොරන් පවසන්නේ “කීකරුකම ප‍්‍රීතිය ගෙන එයි. එහෙත් අපගේ අකීකරුකම අප කාලකණ්නි කරයි” යනුවෙනි. කැරළිකාර ආත්මයක් දෙවියන්වහන්සේට කීකරුවීමෙන් අප වළක්වාලයි නම් දැන් සිත වෙනස් කරගැනීමට කාලයයි.

දෙවියන්වහන්සේ වෙත නැවත එන්න. උන්වහන්සේ කරුණාවන්තය, දයාවන්තය.