“ඔවුන්ගේ කුණු, ඔවුන්ට මේ ටික වත් ගෙනත් දාන්න බැරිද?” වෙරළින් හිස් බෝතල් එකතුර කර අඩි 20ක් පමණ එහා තිබූ කුණු බාල්දියට දමමින් මම මගේ සැමියා සමඟ කෙඳුරුවෙමි. “වෙරළ අවුල් කරපුවහම ඔවුන්ට තමන් ගැන ආඩම්බරද? මම හිතන්නේ මේ පිටින් ආපු මිනිස්සු! ගමේ මිනිස්සු අපේ වෙරළට මෙහෙම කරන්නෙ නැහැ.”

ඊළඟ දිනයේදීම අනුන් විනිශ්චය කිරීම ගැන මා වසර ගණනකට පෙර කියූ යාච්ඤාවක් මට හමුවිය. අනුන්ගේ කුණු ශුද්ධ කර උඩඟු වීම කෙතරම් වැරදි දැයි මගේම වචන මට පෙන්නුම් කළේය. සත්‍යය නම් මා අමතක කරන බොහෝ කුණු මා තුළ ඇත. විශේෂයෙන් ආත්මික අංශයේය.

මාගේ ජීවිතය පිළිවෙළ කර ගැනීමට නොහැකි හේතුව අන් අය එය අවුල් කරන නිසා යැයි කීමටද දුගඳ හමන මාගේ වටපිටාවේ ඇති “කුණු” මගේ නොවේ ඒවා අනුන්ගේ යැයි කීමටද මම ඉක්මන් වෙමි. එහෙත් එ් දෙකම සත්‍යය නොවේ. මා පිටස්තර ඇති කිසි දෙයකට මා විනිශ්චය කිරීමට හෝ කිලිටි කිරීමට බැරිය. මා කිලිටි කිරීමට හැක්කේ ඇතුලත ඇති දෙයට පමණි (මතෙව් 15:19-20). සත්‍ය කුණු නම් අනුන්ගේ පාපයෙන් බිඳකට මාගේ නාසය හකුලාගෙන මාගේ දුගඳ නොසලකා හැරීමයි.