ඉඩාහො ප‍්‍රාන්තයේ දකුණු කියුනාවේ පොළොව යට ලාවා නළයක් තිබේ. එය ප‍්‍රදේශයේ කුප‍්‍රකට ස්ථානයකි. මා දන්නා ලෙස එයට ඇතුල්විය හැකි එකම ස්ථානය අන්ධකාරයට සෘජුව වැටෙන පරණ ලෑල්ලකි. වසර කිහිපයකට පෙර මම එම ලෑල්ල කෙළවරට ගොස් පහත බැලුවෙමි. මට තව තව ළඟට යන්නට සිතිණ. තව මොහොතකින් මගේ සමතුලිතතාවය නැතිවන්නට ඉඩ තිබිණ. හදවත ගැහෙන බියක් මට දැණින. මම එ් අන්ධකාර මුඛය අසලින් ඉවත් වීමි.

පාපයද එසේය! කුතුහලය අන්ධකාරය ආසන්නයට අප ගෙනයාහැකිය. පිරිමින් සහ ස්ත‍්‍රීන් කොපමණ වරක් එය ආසන්නයට උවමනාවට වඩා ළං වන්නෝද? සමතුලිතතාවය නැතිවී අන්ධකාරයට වැටෙන්නෝද? ඔව්හු ඔවුන්ගේ පවුල්, තත්ත්වයන් සහ සේවයන් කාමමිථ්‍යාචාරික සම්බන්ධකම් නිසා නැතිකර ගත්තෝය. එ්වා ආරම්භවූයේ සුළු අඟර දඟරයකිනි. එහෙත් පසුව සිතිවිලි සහ ක‍්‍රියාවන් වලට එය දික්ගැස්සුනි. නැවත හැරී බලා බොහෝ අය බොහෝ විට කියන්නේ “මෙච්චර දෙයක් වෙයි කියලා මං හිතුවේ නැහැ” කියාය.

පරීක්ෂාව සමඟ සෙල්ලම් කිරීමට හැකි යයි අපි සිතන්නෙමු. ආසන්නයට ගොස් නැවත හැරී යා හැකි යැයි අපි කල්පනා කරන්නෙමු. එහෙත් එය මෝඩයෙකුගේ සිහිනයකි. ක‍්‍රියාවක් නරක යැයි අපි දනිමු. එහෙත් එයත් සමඟ අපි සෙල්ලම් කරන්නෙමු. ඉන්පසු අනිවාර්යයෙන් අපි අඳුරු ගැඹුරු සල්ලාලකම්වලට ඇදී යන්නෙමු. යේසුස්වහන්සේ සරල ලෙස කීවේ “පව්කරන සියල්ලෝ පාපයාගේ වහල්ලුය” යනුවෙනි (යොහන් 8:34).

දෙවියන්වහන්සේගේ උපකාරය අවශ්‍ය බව අපට පෙනෙන නිසා අපි දාවිත් ගීතාවලිය 19:13හි කළ යාච්ඤව කරමු. “එඩිතරව පව් කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව; ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා.”