උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේ මම චෙස් ක‍්‍රිඩාවට ඇති මාගේ හැකියාව ගැන ආඩම්බර වීමි. මම චෙස් සංගමයට බැඳී අනිත් ක‍්‍රීඩකයන් සමඟ මේස වටා වාඩිවී විවේක කාලයේ ක‍්‍රීඩා කළෙමි. එසේම “සම්භාවනීය රජ ඉත්තන් කොටු කිරීම” වැනි මාතෘකා ඇති බොහෝ පොත් කියවීමි. මම තාක්ෂණය ඉගෙන ගතිමි. බොහෝ තරඟ දිනීමි. ඉන්පසු වසර 20ක් ක‍්‍රීඩාව පසෙකට දැමීමි. දිනක් ඉතා අනර්ඝ චෙස් ක‍්‍රීඩකයෙකු මට හමුවිය. ඔහු උසස් පෙළින් බොහෝ කලකට පසුවද චෙස් ක‍්‍රිඩාව කරගෙන ගොස් තිබිණ. විශේෂඥයෙකුට විරුද්ධව ක‍්‍රීඩා කරන්නේ කෙසේදැයි මම ඉගෙන ගතිමි. මට ඕනෑම ඉත්තෙකු ඇදීමට ඉඩ තිබිණ. එහෙත් මාගේ උපක‍්‍රම කිසිවක් වැඩක් වූයේ නැත. ඔහුගේ සුපිරි නිපුණත්වය නිසා මාගේ අරමුණු අවසන්වූයේ ඔහුගේ අරමුණු සඳහා ක‍්‍රිඩා කිරීමෙන්ය.

සමහර විට මෙහි අපට ආත්මික චිත‍්‍රයක් ඇත. දෙවියන්වහන්සේගේ මුල් සැලැස්මට විරුද්ධව ක‍්‍රියාකිරීමට අපට උන්වහන්සේ ඉඩදෙනසේක. එහෙත් අප එසේ කරතත් එය අවසන්වන්නේ උන්වහන්සේගේ නැවත ස්ථාපිත කිරීමේ ඉලක්කයට මෙහෙ කිරීමෙනි (රෝම 8:21; 2 පේතෘස් 3:13; එළිදරව් 21:1). එය මා හොඳ සහ නරක දේවල් දෙස බලන ආකාරය වෙනස් කළේය. යහපත්දේ එනම් සෞඛ්‍යය, තලෙන්ත සහ මුදල් උන්වහන්සේගේ අරමුණු සඳහා මෙහෙ කිරීම පිණිස දෙවියන්වහන්සේට පඬුරු ලෙස පූජා කිරීමට මට පුළුවන. අයහපත් දේවල් එනම් නොහැකියාව, දරිද්‍රතාව, පවුලේ අකර්මන්‍යතා, පරාජය දෙවියන්වහන්සේ වෙත මා තල්ලු කරන උපකරණ ලෙස “මුදවා” ගත හැකිය.

අතිදක්ෂ විශේෂඥයා සමඟ ජයග‍්‍රහණය සහතිකය. ජීවිතය නැමති “චෙස් ලෑල්ල” කෙසේ තිබුණද ගැටළුවක් නැත.