ඝානාවේ ප‍්‍රාථමික පාසැලක මා සිටින කාලයේ මගේ දෙමාපියන්ගෙන් ඈත්වී ඉතා ප්‍රේමණීය ලෙස මට සැලකූ පවුලක් සමඟ සිටීමට මට සිදුවිය. එක් දිනක් විශේෂ රැස්වීමක් සඳහා සියලු දරුවෝ එකතුවූහ. පළමු කොටසේදී අපි එකිනෙකා අපගේ පුද්ගලික අත්දැකීම් බෙදාගතිමු. එහෙත් ඊළඟට “ලේ නෑයින්” පමණක් සිටීම අවශ්‍යවූ බැවින් ඉවත්ව සිටින්න යැයි ඔව්හු කරුණාවෙන් මට ආයාචනා කළෝය. එවිට සැබෑ යථාර්ථය මගේ සිතට වැදිණ. මම “මේ ගෙදර දරුවෙක් නොවෙමි.” ඔවුන් මට පේ‍්‍රමය දැක්වුවද එම මොහොතේ මා ඉවත්වීම පවුලට අවශ්‍ය විය. මම ඔවුන් සමඟ ජීවත් වුවද මම ඔවුන්ගේ පවුලේ කොටසක් නොවීමි.

මෙම සිද්ධිය මට යොහන් 1:11-12 මතක් කළේය. දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණෝ ස්වකීයයන් වෙනුවෙන් පැමිණිසේක. එහෙත් ඔව්හු උන්වහන්සේ ප‍්‍රතික්ෂේප කළෝය. උන්වහන්සේ එදින පිළිගත්තෝද අද පිළිගන්නෝද දෙවියන්වහන්සේගේ දරුවෝ වීමට බලය ලබන්නෝය. අප උන්වහන්සේගේ පවුලට ඇතුලත් කරගත් විට “අපි දෙවියන්වහන්සේගේ දරුවෝ යැයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක” (රෝම 8:16).

පියාණන් විසින් හදාවඩා ගත් කිසිකෙනෙකු යේසුස්වහන්සේ ඉවත් කරන්නේ නැත. එ් වෙනුවට තම පවුලේ ස්ථීර කොටස්කරුවන් ලෙස උන්වහන්සේ අප පිළිගන්නාසේක. “යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක” (යොහන් 1:12).