බොහෝ අය මෙන් මාද පත්තරයක් හෝ සඟරාවක් කියවන විට ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාසයේ වැරදි දකිමි. මා වැරදි සෙවීමට උත්සාහ කරනවා නොවේ. එ්වා පිටුවෙන් මා වෙත පැන එන්නේය. සාමාන්‍යයෙන් මාගේ ප‍්‍රතිචාරය එය ප‍්‍රකාශ කළ අයට දොස් පැවරීමයි. “ඔවුන් සංස්කාරකවරයෙක් භාවිතා නොකරන්නේ මන්ද?”

ඔබගේ නිපුණතා ක්ෂේත‍්‍රයේ ඔබට එවැනි අත්දැකීම් තිබෙනවා විය හැක. බොහෝ විට පෙනී යන්නේ අප යමක් ගැන වැඩියෙන් දනී නම් වැරදි ගැන අප වැඩියෙන් විනිශ්චය කිරීමට පෙළඹෙන බවයි. අප අන් අය සමඟ ඇති සබඳතාවලට එ්වා බාධාවක් වියහැකිය.

පිලිප්පි 1:11 වෙනත් ප‍්‍රවේශයක් ගැන ප‍්‍රකාශ කරයි. පාවුල් ලීවේ: “නුඹලාගේ පේ‍්‍රමය දැනගැන්මෙන් සහ සියලු අකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාච්ඤා කරමි” කියාය. දෙවියන්වහන්සේගේ සැලැස්ම වන්නේ වඩ වඩා දැනීමෙන් සහ අවබෝධයෙන් වර්ධනය වන විට අප වඩ වඩා පේ‍්‍රම කරනු ඇති බවය. විවේචනාත්මක ආත්මයක් වර්ධනය කර අප නොදන්නා හෝ නොසලකන බවක් පෙන්වනවා වෙනුවට අපගේ අවබෝධය අපගේ අනුකම්පාව වැඩි කළ යුතුවේ. විවේචනය වෙනුවට සානුකම්පාව ඇති විය යුතුවේ.

වැරදි සොයන්නන් වෙනවා වෙනුවට ස්වාමීන්වහන්සේ අපට ආරාධනා කරන්නේ “යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ගෞරවය හා ප‍්‍රශංසාව සඳහා නුඹලා ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණ” වීමටය (11 පදය). ස්වාමීන්වහන්සේ අපගේ හදවත් පූර්ණ කළ විට අප ඔවුන් ගැන කෙතරම් දැන සිටියත් වැරදි දෙස නොබලා විවේචනය නවතා ඔවුන්ට පේ‍්‍රම කිරීමට අපට හැකිය.