2003, එක්සත් ජනපද විවෘත ගොල්ෆ් තරඟයකදී වැඩි ප‍්‍රසිද්ධියක් නොඉසිලූ හිලරි ලුන්ක්, කාන්තා ගොල්ෆ් තරඟ සඳහා වන විශාලම මුදල් ත්‍යාගයද ඉතිහාසයේ ස්ථානයක්ද දිනාගත්තාය. ඇය එක්සත් ජනපද විවෘත තරඟය කුහර 18කින් ජයගත්තා පමණක් නොව එය ඇයගේ එකම වෘත්තීමය ජයග‍්‍රහණය ද විය. ඇයගේ විස්මය ජනක සහ උත්තේජනාත්මක ජයග‍්‍රහණය පැහැදිලි කරන්න ක‍්‍රීඩාවේ ඇති වඩාත් මනහර කාරණය නම් එහි ඇති අනාවැකි කිව නොහැකි තත්ත්වයයි.

ජීවිතයේ අනාවැකි කිව නොහැකි බව සැම විට උද්යෝගය දනවන්නේ නැත. කෙසේවෙතත් අපි උපක‍්‍රම යොදමු. ජීවිතයේදී සිදු වනවාට කැමතිදේ දැකීමට සැලසුම් ව්‍යාපෘති සහ යෝජනා සාදන්නෙමු. එහෙත් බොහෝ විට ඒවා අපගේ අනුමානයන්ට වඩා එහා නොයයි. වසරක්, මාසයක්, සතියක් හෝ දවසක් අපට ගෙන ඒන්නේ කුමක්දැයි අපි නොදනිමු. එහෙයින් අපි යාච්ඤා කර සැලසුම්කර අපට කිසිදිනක කිව නොහැකි දේවල් සම්පූර්ණයෙන් දන්නා දෙවියන්වහන්සේ විශ්වාස කරමු. ගීතාවලිය 46:10ට මා වඩාත් කැමති එ් නිසාය: “නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි. පොළොවෙහි උසස්වන්නෙමි.”

ජීවිතය ගැන කිව නොහැකිය. සහතික ලෙස දැනගත නොහැකි කාරණා දහස් ගණන් ඇත. මා දන්නා එක් දෙයක් නම් සියල්ල දන්නා මට ගැඹුරින් ප්‍රේමකරන දෙවිකෙනෙකු සිටින බව පමණි. උන්වහන්සේ දැන ගැනීමෙන් මට “නිශ්චල” විය හැකිය. මට සමාදානයෙන් සිටිය හැකිය.