19වන සියවසේදී නිව්යෝර්ක් නගරයේ තිබූ දරිද්‍රතාව ගැන ජේකම් රීස් ලිවූ පැහැදිලි වාර්තාව නොසැලකිල්ලෙන් කාලය ගත කළ පුරවැසියන් බියට පත් කළේය. “අනිත් අර්ධය ජීවත් වන්නේ කෙසේද?” යන ඔහුගේ පොත ඔහුගේ රචනා සහ ඔහුගේම ඡායාරූපවලින් සමන්විත වූ අතර පොදු ජනතාවට අනිවාර්යයෙන් පවතින දරිද්‍රතාවය දෙස නොබලා සිටිය නොහැකි විය. ඔහු දරුවන් 5 දෙනෙකු සිටි පවුලක තුන්වැන්නා විය. දැඩි කාළකණ්නි ලෝකයේ ඔහු ජීවත්ව සිටි නිසා රීස් සිත් කාවදින ලෙස එ් ගැන ලිවීය.

එම පොත දොරට වැඩිය පසු තම දේශපාලන ජීවිතය ආරම්භ කරමින් සිටි තරුණ දේශපාලඥයෙකු ගෙන් ඔහුට තැපැල් පතක් ලැබිණ. එහි කියා තිබුණේ “මම ඔබේ පොත කියෙව්වා, මම උපකාරයට එනවා, තියඩෝර් රූස්වෙල්ට්” යනුවෙනි (එම දේශපාලනඥයා පසුව එක්සත් ජනපදයේ ජනාධිපති විය).

යාකොබ්ට අනුව සත්‍ය ඇදහිල්ල අන් අයගේ අවශ්‍යතා වලට ප‍්‍රතිචාර දක්වයි (1:19-27). අක‍්‍රියකමේ සිට ක‍්‍රියාකාරිත්වය දක්වා අපගේ සිත් ගමන් කරත්වා! වචන වලින් ඒවාට සරිලන ක‍්‍රියා වෙත ගමන් කරත්වා! සානුකම්පාවේ ක‍්‍රියා වලට, ජීවිත අසීරුතාවලින් යටවී සිටින්නන්ට පමණක් නොව ගැළවුම්කරුවාණන්ගේ ශ්‍රේෂ්ඨතම පිණිවුඩයටද දොර විවෘත කළ හැකිය. උන්වහන්සේ ඔවුන්ගේ අවශ්‍යතාව දකිනසේක. ඔවුන් උදෙසා බෝහෝ දේ කිරීමට උන්වහන්සේට පුළුවන.