අසල විද්‍යාලයක මාගේ ස්වාමිපුරුෂයා ගිණුම් පන්තියක් කරන කාලයේ මමද එක් විභාගයකට පෙනී සිටියෙමි. එ් මට කෙතරම් හොඳින් එය කිරීමට හැකිදැයි බැලීමටය. ප‍්‍රතිඵලය යහපත් නොවීය. මම සෑම ප‍්‍රශ්නයක්ම වැරදියට ලිවීමි. මාගේ නොහැකියාවට හේතුව නම් මා ආරම්භ කළේ මූලික බැංකු සංකල්පයක් වැරදියට තේරුම් ගෙන වීමය. මම අය සහ වැය පටලවා ගතිමි.

ආත්මික ක්ෂේත‍්‍රයේද සමහර විට අපි අය-වැය පටලවා ගනිමු. එ් අපි සැම දෙයකටම යක්ෂයාට දොස් තබන විටය. නරක කාලගුණය, ප‍්‍රින්ටරය සිරවීම, හෝ එය ආර්ථික කරදරයක් විය හැක. ඔහුට අයිති නැති දෙයකට අපි ඔහුට ප‍්‍රශංසා කරමු. අපගේ ජීවිත වල ගුණාත්මක භාවය තීරණය කිරීමේ බලය අපි ඔහුට ආරෝපණය කරමු. ඇත්තෙන්ම එවැන්නක් ඔහුට නැත. සාතන් කාලයෙන් සහ අවකාශයෙන් සීමාවී සිටී. අපට අත ගැසීමට පෙර ඔහු අවසර ගත යුතුය (යෝබ් 1:12· ලූක් 22:31).

කෙසේවෙතත් මේ ලෝකයේ අධිපතියා සහ බොරුවේ පියා ලෙස සාතන්ට ව්‍යාකූලත්වය ගෙන ආහැකිය (යොහන් 8:44·16:11). සෙනඟ කෙතරම් ව්‍යාකූල වෙනවාද කිවහොත් ඔවුන් හරි සහ වැරදි නොදැන සිටින කාලයක් එන බව යේසුස්වහන්සේ සෙනඟට අවවාද කළසේක (16:2). එහෙත් උන්වහන්සේ තව දුරට කිවේ “මේ ලෝකයේ අධිපතියා විනිශ්චය කරනු ලැබ…” සිටින බවය (11 පදය).

කරදර අපගේ ජීවිත ව්‍යාකූල කරනු ඇත. එහෙත් අප පරාජය කිරීමට එ්වාට බැරිය. යේසුස්වහන්සේ මෙලොවට දැන්ම පැමිණ සිටිනසේක. සියලු ප‍්‍රශංසාව යා යුත්තේ උන්වහන්සේටය.