ඇල්බට් අයින්ස්ටයින් අපට මතක තිබෙන්නේ ඔහුගේ අවුල්වූ හිසකෙස්, විශාල ඇස් සහ සිත් ඇදගන්නා පෙනුමට වඩා යමක් නිසාය. අප ලෝකය දකින ආකාරය වෙනස් කළ ප‍්‍රාඥයා සහ භෞතික විද්‍යාඥයා ලෙස අපි ඔහු දනිමු. ඔහුගේ සුප‍්‍රසිද්ධ E=mc2 සූත‍්‍රය විද්‍යාත්මක දැනුම විප්ලවයකට ඇද දමා අපව න්‍යාෂ්ටික යුගයකට ගෙන ආවේය. ඔහුගේ සුවිශේෂී සාපේක්ෂතා සිද්ධාන්තය තුළින් ඔහු තර්ක කළේ විශ්වයේ සෑම දෙයක්ම සසල වන නිසා සියලු දැනුම දෘෂ්ටි කෝණයකට සීමා වන බවය. අවකාශය, වේලාව සහ භෞතික ද්‍රව්‍ය මැණිය හැකි එකම මිම්ම ආලෝකයේ වේගය බවය.

අයින්ස්ටයින්ට බොහෝ කාලයකට පෙර අපගේ අවබෝධ කර ගැනීමට ඉවහල්වන ආලෝකයේ කාර්යය ගැන යේසුස්වහන්සේ කථා කළසේක. එහෙත් එ් වෙනත් දෘෂ්ටි කෝණයකිනි. එ් තමන්වහන්සේ ලෝකයේ ආලෝකය බවට කළ ප‍්‍රකාශයට සහයෝගයක් ලෙසිනි (යොහන් 8:12). උපතින්ම අන්ධව සිටි මිනිසෙකු යේසුස්වහන්සේ සුව කළසේක (9:6). ඵරිසිවරු ක‍්‍රිස්තුස්වහන්සේ පව්කරුවෙකු යැයි කී කල මේ කෘතවේදී පුද්ගලයා “උන්වහන්සේ පව්කරුවෙකුදැයි නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි. මම අන්ධව සිටියෙමි. දැන් මට පෙනීම ඇත්තේය” යනුවෙන් පැවසීය (25 පදය).

අයින්ස්ටයින්ගේ සිද්ධාන්ත පසුකාලයකදී පරීක්ෂා කිරීම අසීරු බව තහවුරු වුවද යේසුස්වහන්සේගේ ප‍්‍රකාශයන් අපට පරීක්ෂා කළ හැකිය. යේසුස්වහන්සේ සමඟ ශුභාරංචිය තුළ කාලය ගත කිරීමට අපට හැකිය. අපගේ දෛනික වැඩසටහනට උන්වහන්සේ කැඳවා ගැනීමටද අපට පුළුවන. උන්වහන්සේට සියල්ල ගැන අප දක්නා ආකාරය වෙනස් කළහැකි බව අපට බැලිය හැකිය.