18වන සියවසේ අගභාගයේත් 19වන සියවසේ මුල් කාලයේත් ජෝර්ජියාවේ සැවන්නා වරායට පැමිණි නැව්වලට සුපුරුදු දර්ශනයක්වූයේ ෆොලොරන්ස් මාර්ටස්, “අත වනන ගැහැණු ළමයා”ය. වසර 44ක් දහවල් කාලයේ ලේන්සුවක් වනමින්ද රාත‍්‍රි කාලයෙහි ලම්පුවක ආධාරයෙන්ද ඇය ලොව වටා සිට එන සියලු නැව් පිළිගත්තාය. අද ෆොලොරන්ස් සහ ඇයගේ විශ්වාසවන්ත බල්ලාගේ පිළිරුවක් සැවන්නාහි මොරල් උද්‍යානයේ ස්ථීරව සිට එන්නාවූ නැව් පිළිගනී.

උණුසුම් පිළිගැනීමක යම් පිළිගන්නා සුළු ස්වභාවයක් තිබේ. රෝම 15:7හි පාවුල් තම පාඨකයන්ට ආයාචනා කරන්නේ “ක‍්‍රිස්තුස්වහන්සේ නුඹලා පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකා පිළිගන්න” කියාය. පාවුල්ගේ සිතේ තිබුණේ ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස අප එකිනෙකාට සලකන ආකාරයයි. මන්ද 5-6 පදවල එකිනෙකා සමඟ සමඟියෙන් සිටින මෙන් ඔහු කියයි. එහි ප‍්‍රධාන කාරණය නම් “යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේට තිබූ ආකල්පයම එකිනෙකා ගැන තබා ගන්න. එවිට එක් සිතකින් සහ එක් හඬකින් ඔබට අපගේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේ මහිමයට පත් කිරීමට පුළුවන” (NIV පරිවර්තනය).

ක‍්‍රිස්තුස්වහන්සේගේ හවුල් ඇදහිලිවන්තයින් ලෙස එකිනෙකා පිළිගැනීම පෙන්නුම් කරන්නේ අප එකිනෙකා කෙරෙහි ඇති පේ‍්‍රමය පමණක් නොවේ. එය පරාවර්තනය කරන්නේ තමන්වහන්සේගේ පවුලට සාදාකාලිකව අපට ආරාධනා කළ තැනන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමය වේ.