12 වන සියවසේ චීන චිත‍්‍ර ශිල්පී ලී ටෑන්ග් සෙනඟ, කුරුල්ලන්, සහ මීහරකුන්ගෙන් සජීවීවූ භූමිතලයන් චිත‍්‍රයට නැගීය. සිල්ක් රෙදිමත සියුම් රේකා යොදා කරන ලද ඔහුගේ අනගි චිත‍්‍ර නිසා ලී ටෑන්ග් චීන භූමිතල සිතුවම් කලාවේ නිපුණයෙකු ලෙස ගණන් ගැනේ. සියවස් ගණනාවක සිට ලොව වටා කලාකරුවන්, දෙවියන්වහන්සේගේ මැවිල්ල නැමති කලාගාරයේ ඔවුන් දකින දේ චිත‍්‍රයට නගති. “අහස දෙවියන්වහන්සේගේ මහිමය ප‍්‍රකාශ කරයි. ගුවන් තලයද උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි” (ගීතාවලිය 19:1). බයිබලය අපට පවසන්නේ මිනිසුන් ලෙස අපගේ නිර්මාණ ශක්තිය අපට පැමිණෙන්නේ අප විශේෂඥ මැවුම්කරුවාණන්ගේ ස්වරූපයෙන් මවා ඇති නිසාය, කියාය (උත්පත්ති 1:27).

ලී, රන්, රිදී, තඹ සහ මැණික් වලින් වැඩ කරන කලාකරුවන් දෙවියන්වහන්සේ තෝරාගත්සේක. එ් පුරාණ ඉශ‍්‍රායෙල්වරු කූඩාරමේදී උන්වහන්සේට කළ නමස්කාරයේදී අවශ්‍යවූ ලී සහ ලෝහ භාණ්ඩ, පූජාසනය සහ ඇඳුම් නිර්මාණය කිරීමටය (නික්මයාම 31:1-11). තම සෙනඟ වීමට කැඳවාගත් අය ස්වාමීන්වහන්සේට කළ නමස්කාරයේදී ආත්මික සත්‍යතාවන් පිළිබඳ මෙම කලාත්මක සංකේත, පූජකයන් සහ සෙනඟට පෙළඹීම සහ මඟපෙන්වීම දුන්නේය.

බොහෝ කලා කෘතීන් තුළින් මේ මනහර ලෝකයේ නිර්මාණකරුවාණන් සහ මිදුම්කරුවාණන් පරාවර්තනය කර ගෞරව කිරීමට අපට හැකිය.