මේරි සති මැද සභා රැස්වීම් ගැන ප‍්‍රීතියෙන් සිටියාය. එ් ඇයත් තවත් මිතුරන් කිහිපදෙනෙකුත් එක්ව යාච්ඤාවට, නමස්කාරයට සහ පසුගිය සතියේ දේශනාවේ කරුණු ගැන සාකච්ඡා කිරීමටය. මේ සතියේ ඔවුන් සූදානම්ව සිටියේ සභාවට “යෑම” සහ දුක් විඳින ලෝකයක සභාව “වීම” පිළිබඳවය. ඇය තම මිතුරියන් හමුවී ජවසම්පන්න සාකච්ඡාවකට ආශාවෙන් බලා සිටියාය.

ඈ මෝටර් රථයේ යතුර අතට ගත්තා පමණි. දොරේ සීනුව නාදවිය. “මම කැමති නැහැ ඔබට කරදර කරන්න, එහෙත් අද ඔබ වැඩක්ද?” ඇයගේ අසල්වැසි සූ ඇසුවාය. මේරි තමා පිටව යන බව කියන්න සූදානම්වූවා පමණි සූ තවදුරටත් කීවේ “මගේ රථය ගරාජයට දාන්න ඕනේ, සාමාන්‍යයෙන් මම බයිසිකලයේ නැතිනම් පයින් එනවා, එහෙත් මගේ කොන්ද රිදෙනවා එ්ක නිසා එ් දෙකම කරන්න බැහැ”. මේරි හෘද ස්පන්ධනයට මොහොතක් ඉඩ හැරියාය. “හරි හරි ප‍්‍රශ්නයක් නැහැ”යි ඇය කීවාය.

මෙතෙක් කල් තම අසල්වැසියාව මේරි දැක තිබුණා පමණි. එහෙත් ඇය වාහනයෙන් ආපසු රැගෙන එන විට සූගේ ස්වාමිපුරුෂයාගේ අමතකවීමේ රෝගය ගැනද එවැන්නෙක් බලා ගන්නා කෙනෙකුට ඉන් ඇති අධික වෙහෙස ගැනද ඉගෙන ගත්තාය. ඇය ඇහුම්කන් දුන්නාය. යාච්ඤා කිරීමට පොරොන්දු වූවාය. ඇයට පුළුවන් ලෙස උපකාර කිරීමට සූදානම් වූවාය.

මේරි තම ඇදහිල්ල ගැන කථා කිරීමට සභාවට එදින ආවේ නැත. එ් වෙනුවට අසීරු තත්ත්වයක සිටි තම අසල්වැසියාට ඇය යේසුස්වහන්සේගේ පේ‍්‍රමයෙන් බිඳක් දුන්නාය.