කුඩා දරුවෙකු ලෙස ග‍්‍රීෂ්ම සෘතුවේ මා කැමතිම සතිය වූයේ කිතුනු යෞවන කඳවුර තිබූ සතියයි. සතිය අවසානයේ මම මිතුරන් සමඟ විශාල ගිනි මැළයක් වටා ගෑවෙන නොගෑවෙන තරමට ළංව හිඳගෙන බයිබලයෙන් අප ඉගෙනගත් දේ බෙදාගතිමු. ගායනා කළෙමු. මට තාම මතක්වන ගීතිකාවක තිබුණේ යේසුස්වහන්සේ අනුගමන කිරීමට අවධානය යොමුකරන්න කියාය. එහි වැදගත් වැකියක් විය: “නැවත හැරීමක් නැත”.

අනාගතවක්තෘ එලිෂා, එලියා පසුපස යාමට තීරණය කළ විට තමාගේ පෙර රැකියාව වන ගොවිතැනට යාමට කොහෙත්ම නොහැකි වන දෙයක් කළේය. ගෙදර ගොස් ශුභ පැතීමේ භෝජනයකට සහභාගිවී එලිෂා “ගවයන් බාන රැගෙන” මැරුවේය (1 රාජාවලිය 19:21). ඔහුගේ ජීවන රටාව අත්හැර ඔහු තම නගුල පුළුස්සා දැමීය. ඔහු අලුත් මස් ගෙන පුළුස්සා එතැන සිටි සියලු දෙනාට කෑමට දුන්නේය. ඉන්පසු “ඔහු නැගිට එලියා අනුව ගොස් ඔහුට සේවය කළේය” (21 පදය).

අපගේ නමස්කාරයට සුදුසුවන දෙවියන්වහන්සේට අප භාරවීම බොහෝ විට මිළ ගෙවීමක් සමඟ එන්නේය. සමහර විට ඉන් අර්ථවත් වන්නේ සම්බන්ධතා, මූල්‍යමය කාරණා සහ ජීවත් වන විධිය ගැන අසීරු තීරණ ගැනීමට සිදුවන බවය. කෙසේවෙතත් අප ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවත්වන විට අපට ලැබෙන දේවල් සමඟ කිසිදෙයක් සන්සන්දනය කළ නොහැකිය. යේසුස්වහන්සේ කීවේ “යමෙක් තමාගේ ජීවිත ගළවා ගන්ට කැමතිවේද එ්ක ඔහුට නැති වන්නේය. මානිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය” කියාය (මතෙව් 16:25).