2වන ලෝක යුද්ධය කාලයේ දකුණු අප‍්‍රිකාවේ 609 වන කඳුගැටය මතදී මගේ පියාට වෙඩිවැදී ඔහුට විශාල තුවාල ඇති විය. මගේ පියා නැවත කිසි දිනෙක සියයට සියයක් සාමාන්‍ය අතට නොහැරිණි. මා ඉපදුනේ එ් සිද්ධියෙන් වසර කිහිපයකට පසුය. මා යෞවන වියේදී පවා මම ඔහු තුවාල ලැබූ බව නොදත්තෙමි. පසුව කව්දෝ එය මට කීවේය. ඔහුගේ පාදයේ අඛණ්ඩ වේදනාවක් දැනුනද මගේ පියා එ් ගැන කෙඳිරුවේ නැත. එසේම අපගේ පවුලට සැපයීමෙන් වැලකී සිටීමට ඔහු එය ආයුධයක් කර ගත්තේද නැත.

මාගේ දෙමව්පියෝ ගැළවුම්කරුවාණන්ට පේ‍්‍රම කළෝය. එසේම උන්වහන්සේට පේ‍්‍රමකර, විශ්වාස කර, සේවය කිරීමට අප පුහුණු කළෝය. හොඳ කාලවලදීත් අයහපත් කාල වලදීත් ඔවුන් දෙවියන්වහන්සේ විශ්වාස කළෝය. වෙහෙසවී වැඩ කළෝය. කොන්දේසි නැතිව අපට පේ‍්‍රම කළෝය. හිතෝපදේශ 14:26 පවසන්නේ: “ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ. එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ” යනුවෙනි.

දෙමව්පියන් වශයෙන් අපගේ සම්පූර්ණවූ ස්වර්ගීක පියාණන්ගේ උපකාර තුළින් අපගේ පවුල් වලට රක්ෂාස්ථානයක් අපට සැපයිය හැකිය. උන්වහන්සේ තම දරුවන්ට තබා තිබෙන පේ‍්‍රමයේ ගැඹුර සදාකාලිකය.