අපගේ දරුවන් කුඩා කාලයේ අපි අපගේ සීයලාගේ උතුරු විස්කොන්සින්හි නිවසට ගියෙමු. ඔවුන්ගේ රූපවාහිනියට පැහැදිලි දර්ශන නොලැබිණ. ඔවුන් රුපවාහිනියට ප‍්‍රමුඛතාවක් දුන්නේ නැත. අපේ පුත‍්‍රයා වන ස්කොට් සෑහෙන වේලාවක් රූපවාහිනිය සමඟ පොරබදමින් සිට පසුව ඔහු මගෙන් “අහුවෙන්නේ එක චැනල් එකයි නම් එ්කේ තියෙන දේට ඔබ කැමති නැත්නම් මොකද කරන්නේ?” යනුවෙන් ඇසුවේය.

“වහලා දාන්න” මම සිනහවී පැවසුවෙමි. ඔහු බලාපොරොත්තුවූ පිළිතුර එය නොවේ. වර්තමානයේ එසේ කිරීම තවත් අසීරුය. එ් විශේෂයෙන්ම අප විනෝදයට පත් කරන, දැනුවත් කරන එසේම අපගේ අවධානය කඩන බොහෝ උපකරණ නිසාය.

සමහර විට අප ඒ සියල්ල වසා දමා අපගේ මනසට මොහොතක් හෝ විශ‍්‍රාමයක් දිය යුතුය. සරල ලෙස කියන්නේ නම් සියලු ප්ලග් ගලවා දැමිය යුතුවේ. යේසුස්වහන්සේ බොහෝ විට නිශ්චල ස්ථානවලට ගියසේක. විශේෂයෙන්ම එ් උන්වහන්සේට යාච්ඤාවට කාලය ගත කිරීමට අවශ්‍යවූ විටය (මතෙව් 14:13). උන්වහන්සේ තම ගෝලයන්ටද ඇවිත් ටික වේලාවක් හෝ පහසු ගන්න යැයි කීසේක (මාර්ක් 6:31). එවැනි තනිවීමක් සහ ආවර්ජනයක් අප එකිනෙකාට ප‍්‍රයෝජනවත්ය. එවැනි කාලයන්හිදී දෙවියන්වහන්සේට සමීප වීමට හැකියාව ලැබේ.

ක‍්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය සහ ප‍්‍රඥාව අනුගමනය කරන්න. තනිව ගොස් ටික වේලාවකට “පහසු ගන්න.” එය ඔබගේ ශරීරයටද මනසටද ආත්මයටද යහපත් වනු ඇත.