මගේ සහෝදරිය වන කැරොල්ට පිළිකාවක් ඇතැයි සොයාගනු ලැබූ විට අපේ පවුල කණස්සල්ලට පත් විණ. එම රෝගයට අයත්වන ශල්‍යකර්ම සහ ප‍්‍රතිකාර, ඇයගේ ජීවිතය ගැන බියක් අපට ගෙනාවේය. අපේ පවුල ඇය වෙනුවෙන් යාච්ඤා කළෙමු. කැරොල් ගැන වාර්තා අපට ඇති අභියෝග පෙන්වීය. ඇයට කළ ප‍්‍රතිකර්ම සහ ශල්‍යකර්ම සාර්ථක බව සඳහන් වාර්තාව ලැබුණු විට අපි ඉතා සතුටු වීමු. කැරොල් සුවයේ මාර්ගයට අවතීර්ණවී සිටියාය.

එහෙත් වසරක් යාමට පෙර මාගේ අනිත් සහෝදරිය වන ලින්ඩාටද එම අරගලයට මුහුණ දීමට සිදු විය. ක්ෂණිකව කැරොල් ඇය ළඟින් සිටීමට ආවාය. බලාපොරොත්තු විය යුතු දේවල්ද සූදානම් විය යුතු ආකාරය ගැනද කැරොල් ඇයට තේරුම් කළාය. කැරොල්ගේ අත්දැකීම නිසා ලින්ඩාගේ අරගලයේදී ඇයට උපකාර කිරීමට කැරොල් සන්නද්ධව සිටියාය.

පාවුල් 2 කොරීන්ති 1:3-4හි පවසන්නේ එයයි. “දයාබර කරුණාවල පියවූද සැම සැනසිල්ලේ පියවූද අපගේ ස්වාමීවූ ක‍්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප‍්‍රශංසාවේවා. අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද එ් සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩා වලදී අප සනසනසේක.”

ස්තූතිවන්ත වීමට කාරණයක් නම් ස්වාමීන්වහන්සේ කිසි දෙයක් නාස්තිකරන්නේ නැත. අපගේ අරගල, උන්වහන්සේගේ සැනසිල්ල අත්දැකීමට අවස්ථාවක් දෙනවා පමණක් නොව අරගලවල යෙදී සිටින අය සමඟ එම සැනසිල්ල බෙදාගැනීමට අවස්ථාවක්ද ලබා දෙයි.