යම් අභාග්‍යයක් සිදුවන විට සෙනඟ උපුටා දක්වන පළමු වැකිය නම් “දෙවියන්වහන්සේට පේ‍්‍රමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප‍්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක‍්‍රියාකරන බව අපි දනිමුව” (රෝම 8:28). එහෙත් අසීරු අවස්ථාවලදී එය විශ්වාස කිරීම අමාරුය. එක් වරක් මම, සිය දරුවන් තුන් දෙනෙකු එක් එක් කෙනා විටින් විට මළාවූ මිනිසෙකුට ඇහුම්කන් දුනිමි. ඔහුගේ දුක මම අසා සිටියෙමි. “මේ ඛේදවාචකය මාගේ යහපතට වන්නේ කෙසේද?” මට දීමට පිළිතුරක් නොවූ බැවින් ඔහු සමඟ වාඩිවී ශෝකවුණෙමි. මාස කිහිපයකට පසු ඔහු “මගේ ශෝකය මා දෙවියන්වහන්සේට සමීප කරනවා” යනුවෙන් ස්තූතිවන්තව පැවසීය.

රෝම 8:28 විශ්වාස කිරීමට අසීරු වුවද මිණිය නොහැකි තරම් සාක්ෂි එම සත්‍යය සහතික කරයි. ගීතිකා ලියූ ෆැනී ක්‍රොස්බි සහ ඇයගේ අමතක නොවන ගීතිකා වලින් ප‍්‍රයෝජන ලැබූ මුළු ලොවේම සෙනඟ ඊට මනහර නිදසුනකි. යහපත සඳහා සිදුවූ කාරණයේ ආරම්භයවූයේ පුද්ගලික ඛේදවාචකයකි. වයස 5දී ඇය අන්ධවූවාය. වයස 8දී ඇය කවි සහ ගීත ලිවීම ආරම්භ කළාය. ආත්මික ගීතිකා සහ ගීත 8000කට වඩා ඇය ලියුවාය. ඇය ලෝකයට දායාද කළ ජනප‍්‍රිය ගීත නම් “යේසුස් මගේයයි සෙත්ලත් වදන්” “යේසුස්වහන්සේගේ හස්තයේ ආරක්ෂිතව” සහ “මා පසුකර යන්න එපා යහපත් ගැළවුම්කරුවාණෙනි” යනාදියයි. දෙවියන්වහන්සේ ඇයගේ අමාරුකම ඇයට සහ අපට යහපත ගෙන එ්මටද උන්වහන්සේගේ මහිමය පිණිසද භාවිතා කළසේක.

ඛේදවාචකයක් අප වෙත පැමිණි විට එයින් යහපතක් පැමිණෙන්නේ කෙසේදැයි තේරුම් ගැනීම අපහසුය. සමහර විට එය මේ ලෝකයේදී අපි නොදකිනවා වන්නට පුළුවන. එහෙත් දෙවියන්වහන්සේට යහපත් අරමුණු ඇත. එසේම උන්වහන්සේ සැම විට අප සමඟ සිටිනසේක.