ඇමරිකානු ඉතිහාසයේ බටහිර තුවක්කුකරුවන් වන වියට් අර්ප් සහ ඩොක් හොලිඩේ ගැන ලියවී ඇති අලුත් නවකතාවේ ඔවුන් පෙන්වා ඇත්තේ කමකට නැති කාලකණ්නීන් ලෙසය. ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකදී කර්තෘවරයා අර්ප් ගැන කීවේ, “ඔහුගේ ජීවිතය පුරා ඔහු කිසි වැදගත් දෙයක් කළේ නැහැ. වසර ගණනාවක් පොත් සහ චිත‍්‍රපටි තුළින් ඔවුන් වීරයන් වුනා. එහෙත් නිවැරදි ඓතිහාසික වාර්තා පෙන්වන්නේ ඔවුන් එසේ නොවේ කියාය” යනුවෙනි.

සන්සන්දනාත්මකව බයිබලය පෙන්වන්නේ නියම වීරයන් බවට පත්වූ වැරදි සහිත පුද්ගලයන් ගැනය. එහෙත් ඔවුන්ගේ වීර ක‍්‍රියා වල වැදගත් මූලාශ‍්‍රයෙන් ඇස් ඉවතට නොගන්න. ඔවුන්ගේ ඇදහිල්ලේ ඉලක්කය දෙවියන්වහන්සේය. උන්වහන්සේ තම අනර්ඝ අරමුණු සඳහා කැළල් සහිත මනුෂ්‍යයන් තෝරා ගන්නාසේක.

බයිබල් වීරයන් අතරින් මෝසෙස් කැපීපෙනේ. ඔහු මිනීමරුවෙකු බවද පසුබට වූ නායකයෙකු බවද වරක් දෙවියන්වහන්සේට දොස් පැවරූ මිනිසෙකු බවද අපට අමතකවේ: “ඔබ මේ මුළු සෙනඟගේ බර මා පිට තැබීමෙන් ඔබගේ මෙහෙකරුවාට කුමක් නිසා අයහපත කළසේක්ද?… ඔවුන් නුඹේ ළයේ උසුලාගෙන යන්නැයි මට කියන්ට ඔවුන් ඉපදු වේ මමද?” (ගණන් කථාව 11:11-12).

මෝසෙස් තුළ කෙතරම් මනුෂ්‍ය ගුණාංග තිබුණේද? එහෙත් හෙබ්‍රෙව් පොත අපට කියන්නේ “මෝසෙස් මතු කියන්ට තිබුණු දේ ගැන සාක්ෂියක් ලෙස උන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයෙකු මෙන් විශ්වාසව සිටියේය” කියාය (හෙබ්‍රෙව් 3:5).

සැබෑ වීරයෝ, අප කිසිදිනෙක නොකළකිරවන වීරයාණන් වෙත අප යොමු කරයි. “යේසුස්වහන්සේට ඉතා වැඩි මහිමයක් ලැබීමට සුදුසුය” (3 පදය).