මාගේ ළදරුවා ඇවිදීමට ඉගෙනගනී. ඇයව අතින් අල්ලාගෙන යාමට මට සිදුවේ. ඇයගේ පියවර තවමත් ස්ථීර නැති නිසා ඇයට මාගේ අතේ එල්ලීමට සිදුවේ. ඇය වැටෙන්න බියවේ. එහෙත් ඇයට උපකාර කර ඇය බලා ගැනීමට මම සිටිමි. ඇය මාගේ උපකාරයෙන් ගමන්කරන විට ඇයගේ ඇස් කෘතඥතාවයෙන්ද පී‍්‍රතියෙන්ද ආරක්ෂිත හැඟීමෙන්ද දිළිසේ. එහෙත් ඇයට භයානක ස්ථාන වලට යාමට මා ඉඩ නොදන විට ඇය හඬයි. මා ඇයව ආරක්ෂා කරන බව ඇයට නොතේරේ.

මාගේ කුඩා දියණියට මෙන් අපටද අප බලාගැනීමටද මඟපෙන්වීමට සහ අපගේ ආත්මික ගමනේදී අප ශකිත්මත කිරීමටද යමෙකු අවශ්‍යවේ. එ් තැනන්වහන්සේ අපට සිටිනසේක. එ් අපගේ පියාණන් වන දෙවියන්වහන්සේය. උන්වහන්සේ තම දරුවන්ට ඇවිදීමට උගන්වා අපගේ පියවර වලට මඟපෙන්වා අපගේ අත් අල්ලා ගෙන අප හරි මාර්ගයේ තබනසේක.

තම ජීවිතයට අවශ්‍ය දෙවියන්වහන්සේගේ සැලකිලිමත් රැකවරණය ගැන දාවිත් රජු ද දැන සිටියේය. ගීතාවලිය 18 නැතිවී, ව්‍යාකූලව සිටිනා විට දෙවියන්වහන්සේ අපට ශක්තිය සහ මඟපෙන්වීම දෙන ආකාරය ගැන විස්තර කරයි (32 පදය). පය නොලිස්සා ඉහළ තැන්වලට නැගීමට සමත් මුවාගේ මෙන් උන්වහන්සේ අපගේ පාද ස්ථීර කරනසේක (33 පදය). එසේම අප ලිස්සුවොත් උන්වහන්සේගේ දෑත් අප රැකගනී (35 පදය).

අප ඇදහිල්ලේ ගමන ඉගෙන ගන්නාවූ අලුත් ඇදහිලිවන්තයින් වුවද නැතිනම් දෙවියන්වහන්සේ සමඟ අපගේ ගමනේ සෑහෙන දුරක් ගොස් ඇති අය වුවද අප සියලු දෙනාට උන්වහන්සේගේ මඟපෙන්වීම සහ අප ශක්තිමත් කරන හස්තය අවශ්‍යවේ.