“මාරාන්තික මකුළුවෙක් එක්සත් ජනපදයට පැමිණ සෙනඟ මරයි” යන ප‍්‍රවෘත්තියක් පිළිබඳව මටද මගේ මිතුරන්ටද විද්‍යූත් පණිවුඩයක් ලැබිණ. කතාව සත්‍ය ලෙස පෙනිණ. විද්‍යාත්මක නම් බොහෝමයක් ද සත්‍ය ජීවිත අවස්ථාද ඇතුලත්ව තිබිණ. එහෙත් මම විශ්වාස කළ හැකි වෙබ් අඩවි වලට ගොස් පරීක්ෂා කළ විට එය සත්‍යයක් නොවනබව මට වැටහිණ. එය අන්තර්ජාල විහිළුවක් විය. එහි ඇත්ත නැත්ත සොයාගත හැකිවූයේ විශ්වාසවන්ත මූලාශ‍්‍රයක් පරීක්ෂා කිරීමෙන් පමණි.

මකිදෝනියේ ජීවත්වූ පළමු සියවසේ ඇදහිලිවන්තයින් කණ්ඩායමක් තමන් අසනදේ පරීක්ෂා කිරීමේ වැදගත්කම දැන සිටියෝය. බෙරියේ සෙනඟ “ඔව්හු මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින් සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය” (ක‍්‍රියා 17:11). ඔව්හු පාවුල්ට ඇහුම්කන් දෙමින් සිටියෝය. එසේම ඔහු කියන දේවල් පරණ ගිවිසුමේ ඉගැන්වීම් සමඟ නිවැරදි දැයි බැලීමට ඔවුන්ට උවමනා විය. සමහර විට මෙසියස්වහන්සේ ඔවුන්ගේ පාප වෙනුවෙන් පීඩා විඳ මිය යන බව පරණ ගිවිසුමේ ඇතැයි ඔහු ඔවුන්ට කීවා විය හැක. එය මූලාශ‍්‍රය සමඟ සංසන්දනය කර සහතික වීමට ඔවුන්ට අවශ්‍ය විය.

අප ව්‍යාකූල කරන ආත්මික අදහස් අසන විට අප ප‍්‍රවේසම් විය යුතුය. අපට දේව වචනය පරීක්ෂා කළ හැකිය. විශ්වාසවන්ත මූලාශ‍්‍රවලට අප ඇහුම්කන් දිය යුතුය. අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගෙන් ප‍්‍රඥව ලැබිය යුතුය