වසර ගණනාවක් මම මාගේ ඥාති සහෝදරයාට ගළවුම්කාරුවාණන් ගැන කීමි. මෑතදී ඔහු අප හමුවීමට පැමිණි විට මම ක‍්‍රිස්තුස්වහන්සේ පිළිගන්න යැයි ඔහුට ආයාචනා කළෙමි. ඔහුගේ ක්ෂණික ප‍්‍රතිචාරය වූයේ “මම කැමතියි යේසුස්වහන්සේ පිළිගෙන සභාවකට බැඳෙන්න, එහෙත් දැන්ම නොවේ. මම ඉන්නේ වෙන ඇදහිලිවල අය අතර. මම වෙන තැනකට ගියොත් මිසක් මට මාගේ ඇදහිල්ල හොඳින් ගෙනයන්න බැහැ”. තීරණය ප‍්‍රමාද කිරීමට ඔහු ගෙනහැර දැක්වූ කරුණ වූයේ අන්අයගෙන් පැමිණෙන පීඩාව, අපහාසය සහ පීඩනයයි.

ඔහුගේ බිය සාධාරණය. එහෙත් කුමක් වුවත් දෙවියන්වහන්සේ ඔහු අත්නාරින බව මම ඔහුට සහතික වීමි. ප‍්‍රමාද නොවී පිහිට සහ රැකවරණය උදෙසා දෙවියන්වහන්සේ විශ්වාස කරන මෙන් ඔහුට ආයාචනා කළෙමි. ඔහු තම තර්කය ඉවතලා ක‍්‍රිස්තුස්වහන්සේගේ සමාවේ ඇති අවශ්‍යතාවය පිළිගෙන උන්වහන්සේ තම පුද්ගලික ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත්තේය.

තමන්වහන්සේ අනුගමනය කරන්න යැයි යේසුස්වහන්සේ සෙනඟට ආරාධනා කළ විට ඔව්හු නිදහසට විවිධ කරුණු දැක්වූහ. එ් සියල්ල මේ ලෝකයේ කාරණා සම්බන්ධයෙන් කාර්ය බහුලවීම පිළිබඳවය (ලූක් 9:59-62). ස්වාමීන්වහන්සේ ඔහුට දුන් පිළිතුරෙන් (60-62 පද) උන්වහන්සේ අප දිරිමත් කරන්නේ ජීවිතයේ වඩාත් වැදගත් දෙය වන අපගේ ආත්ම ගැළවීම අපගෙන් ඉවත් කිරීමට නිදහසට කරුණු වලට ඉඩ නොදෙන්න කියාය.

ඔබගේ ජීවිතය උන්වහන්සේට භාරදෙන්න කියා දෙවියන්වහන්සේ කියනවා ඔබට ඇසෙනවාද? ප‍්‍රමාද නොවන්න! “මෙන්න දැන් පිළිගත යුතුවූ කාලයය: මෙන්න දැන් ගැළවීමේ දවසය” (2 කොරින්ති 6:2).