වසර 50ක් තම ශල්‍යාගාරයේ සේවය කළ පසු විශ‍්‍රාම ගොස් පහසු ගැනීමට ඩේව් බෝමන් තීරණය කළේය. දියවැඩියාව සහ හෘද ශල්‍යකර්මය, ඔහුගේ එම තීරණය ස්ථීර කළේය. එහෙත් සුඩානයේ සිට පැමිණි ළාබාල සරණාගත කණ්ඩායමකට උපකාර අවශ්‍ය බව දැනගත් විට ඔහු ජීවිතය වෙනස් කරන තීරණයක් ගත්තේය. ඩේව් ඉන් පස් දෙනෙකුට අනුග‍්‍රහය දැක්වීමට තීරණය කළේය.

මෙම සුඩාන් තරුණයන් ගැන ඩේව් තව දුරටත් දැනගත්තේ ඔවුන් කිසි දිනක දොස්තර කෙනෙකු හෝ දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් නැති බවය. දිනක් සභාවේදී කෙනෙක් “එක අවයවයක් වේදනා විඳී නම්, එ් සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති” (1 කොරින්ති 12:26) යන පදය සඳහන් කළේය. ඔහුට එම පදය තම මනසින් ඉවත් කිරීමට නොහැකි විය. සුඩාන කිතුනුවෝ වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍යකමින් පීඩා වින්දෝය. එය ගැන යමක් කිරීමට තමාට දෙවියන්වහන්සේ කියන බවක් ඩේව්ට දැනිණ. එහෙත් කුමක්ද?

ඔහුගේ වයස හෝ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නොසලකා සුඩානයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ හැකියාව ගැන ඩේව් කල්පනා කළේය. ටිකෙන් ටික දෙවියන්වහන්සේ අවශ්‍ය සෙනඟ සහ මූලාශ‍්‍ර එක් කළසේක. එහෙයින් 2008 දී කිතුනු ස්මාරක රෝහල රෝගීන්ට දොරවල් විවෘත කළේය. එතැන් සිට සිය ගණන් රෝගීන් එ් ස්ථානයෙන් ප‍්‍රතිකාර ලබා ඇත.

කිතුනු ස්මාරක ආරෝග්‍ය ශාලාව, සෙනඟ වේදනා විඳින විට දෙවියන්වහන්සේගේ සැලකිල්ලට අසුවන බව පෙන්වන ස්මාරකයකි. බොහෝ විට උන්වහන්සේගේ සැලකිල්ල බෙදාගැනීමට දෙවියන්වහන්සේ අප වැනි අය තුළින් ක‍්‍රියා කරනසේක. සමහර විට එ් අපගේ වැඩය අවසන් යැයි අප සිතන විටදීය.