ඔවුන් දෙදෙනා එකතුවී කුමක් සාදන්නේදැයි මේසන්වරුන් දෙදෙනෙකුගෙන් අසන ලදී. මම ගාරාජයක් සාදනවා යැයි එක්කෙනෙකු කීවේය. අනිත් කෙනා කීවේ ඔහු දේවස්ථානයක් සාදන බවය. පසු දින එක් අයෙකු පමණක් ගල් අතුරමින් සිටියේය.
දෙවැනියා කොහේදැයි ඇසූ විට පළමුවැනියා උත්තර දුන්නේ “ඔහුව අස් කළා! ඔහු ගරාජයක් වෙනුවට දේවස්ථානයක් හදන්නම තැත් කළා” කියාය.

පුරාණ බාබෙල් වැඩපොළේදී ඊට සමාන දෙයක් සිදු විය. සෙනඟ කණ්ඩායමක් කල්පනා කලේ ස්වර්ගයට ගෑවෙන තරමේ නගරයක් සහ කුළුනක් සෑදීමටය. එය ඔවුන්ගේ ලෝකය එක්සත් කරනු ඇතැයි ඔව්හු කල්පනා කළෝය (උත්පත්ති 11:4). දෙවියන්වහන්සේගේ උසට නැගී තමන්ගේ සියලු ප‍්‍රශ්න විසඳීමට හැකිවන තමන් කේන්ද්‍රීය වන ඔවුන්ගේ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම දෙවියන්වහන්සේට අවශ්‍ය නොවීය. එහෙයින් උන්වහන්සේ බැස, ව්‍යාපෘතිය නවතා, සෙනඟ “පොළෝතලයෙහි විසුරුවා” දමා, ඔවුන්ට විවිධ භාෂා දුන්සේක (8-9 පද).

ඔවුන්ගේ ප‍්‍රශ්න වලට පිළිතුර තමන්වහන්සේ බව ඔවුන් දැනගැනීම දෙවියන්වහන්සේට අවශ්‍ය විය. උන්වහන්සේ ඔවුන්ට සාදා ඇති සැලැස්ම උන්වහන්සේ ආබ‍්‍රහම්ට හෙළිකළසේක (12:1-3). ආබ‍්‍රහම් සහ ඔහුගේ පරම්පරාවේ ඇදහිල්ල තුළින් “දෙවියන්වහන්සේ විසින් යෝජනාකර සෑදුවාවූ නුවර”ක් ගැන බලා සිටීමට ලෝකයට පෙන්වනු ඇත (හෙබ්‍රෙව් 11:8-10).

අපගේ ඇදහිල්ල මතුවන්නේ අපගේම සිතින් සහ විසඳුම් වලින් නොවේ. ඇදහිල්ලේ අත්තිවාරම ඇත්තේ දෙවියන්වහන්සේ තුළ සහ උන්වහන්සේට අප තුළින් සහ අප තුළ කළ හැකි දේ තුළ පමණි.