වෛද්‍ය බ‍්‍රයන් ගෝල්ඩ්මන් තම රෝගීන්ට ප‍්‍රතිකාර කරන විට පරිපූර්ණ වීමට වියරු උත්සාහයක් දැරීය. එහෙත් ජාතික රූපවාහිනී වැඩසටහනක දී ඔහු තමා කළ වැරදි පිළිගත්තේය. හදිසි අනතුරු කාමරයේදී ඔහු ස්ත‍්‍රියකට ප‍්‍රතිකාර කළ සිද්ධියක් ඔහු අනාවරණය කළේය. පසුව ඇයව ගෙදර යැවීමට ඔහු තීරණය කළේය. සවස “ඔබ ගෙදර යැවූ ස්ත‍්‍රිය මතකද? ඇය නැවත ඇවිල්ලා” යනුවෙන් හෙදියක පැවසුවාය. රෝගියා නැවත ඇතුලත් කරනු ලැබ මිය ගියාය. ඉන් ඔහු තදින් කලබල විය. පරිපූර්ණ වීමට ඔහු තවත් වීර්යය කළේය. එහෙත් සත්‍යය ඔහු තේරුම් ගත්තේය. පරිපූර්ණත්වය ලබා ගත නොහැක.

කිතුනුවන් ලෙස අප අපගේ පරිපූර්ණත්වය ගැන අතාත්වික බලාපොරොත්තු තබා සිටිනවා විය හැකිය. අපට කැලළක් නැති ජීවිතයක් පෙන්විය හැකිවුවද අපගේ සිතිවිලි සහ අරමුණු සම්පූර්ණයෙන් පවිත‍්‍ර වන්නේ නැත.

ගෝලයෙකු වන යොහන් ලීවේ, “අපට පාපය නැතැයි කියමු නම් අපි අපම රවටා ගනිමුව. සැබෑවද අප තුළ නැත” කියාය (1 යොහන් 1:8). ඊට ප‍්‍රතිකාරය පාප සඟවාගෙන තවත් වීර්යය කිරීම නොව දෙවියන්වහන්සේගේ සත්‍යයේ ආලෝකයට අවතීර්ණවී පාපය කියාදීමය. “උන්වහන්සේ ලෝකයෙහි සිටින්නාසේම අපිත් ලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය” යනුවෙන් යොහන් පවසයි (7 පදය).

කිතුනුවන් පාපය සැඟවීමට නොව අපගේ දෙවියන්වහන්සේගේ සත්‍යය සහ අනුග‍්‍රහය තුළින් එකිනෙකාට ප්‍රේම කිරීමට සහ උපකාර කිරීමට ප‍්‍රසිද්ධ නම් කෙතරම් යහපත්ද? එසේම අවදානම් සහගත එහෙත් නිරෝගී අවංකකමක් අප එකිනෙකා සහ බලා සිටින ලෝකයා සමඟ ක‍්‍රියාත්මක කරන්නේ නම් කෙතරම් යහපත්ද?