ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හි දුම්රිකට නැගීමට උත්සාහ කළ මිනිසෙකු ලිස්සා ගොස් වේදිකාව සහ දුම්රිය අතර ඇති හිඩසේ ඔහුගේ පාද සිරවිණ. මගීන් දුසිම් ගණනක් ඔහුගේ උපකාරයට ආවේය. ඔවුන් තම ශක්තිය පමණක් යොදාගෙන දුම්රිය ඇළකළෝය. සිරවී සිටි මිනිසා නිදහස් විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශක වන ඩේවිඩ් හයිනස් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ “සැම කෙනාම එකතු වුනා. බරපතල අනතුරකින් කෙනෙකුගේ ජීවිතය බේරුනේ ජන බලය නිසා” කියාය.

උන්වහන්සේගේ පවුල ගොඩනැගීමට දෙවියන්වහන්සේගේ සැලැස්ම ජන බලය බව එපීස 4හි අප කියවමු. උන්වහන්සේ අප එකිනෙකාට උන්වහන්සේගේ අනුග‍්‍රහයේ විශේෂ දීමනාවක් දී ඇත (7 පදය). එ් විශේෂිත කාර්යයක් සඳහාය. “මුළු ශරීරය එකට සන්ධිකරනු ලැබ සවිවී, එක එක කොට්ඨාසයේ ප‍්‍රමාණයේ ක‍්‍රියාකිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොටගෙන ප්‍රේමයෙන් වර්ධනය වන ලෙස ශරීරය වැඩෙන්නේය” (16 පදය).

දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සෑම කෙනාටම කාර්යයක් තිබේ. එහි නරඹන්නෝ නැත. දෙවියන්වහන්සේගේ පවුල තුළ අපි එකට අඬන්නෙමු, සිනහසෙන්නෙමු. අපි එකිනෙකාගේ බර උසුලමු. අපි එකිනෙකාට යාච්ඤාකර දිරිමත් කරමු. පාපයෙන් හැරීමට එකිනෙකාට අභියෝග කර උපකාර කරමු. පියාණෙනි ඔබගේ පවුලට උපකාර කිරීමට අපගේ කොටස අද අපට පෙන්වුව මැනව.