1950 ගණන් වල මා හැදී වැඩෙන කාලයේ බොහෝ විට මම ගමේ චිත‍්‍රපට ශාලාවේ සෙනසුරාදා සවස චිත‍්‍රපටිය නැරඹුවෙමි. කාටූන් සහ පවුලේ චිත‍්‍රපට සමඟ අවසානයේ වීරයා හෝ වීරවරිය ගැළවිය නොහැකි තත්ත්වයට පත්වීමෙන් සැමදා අවසන් වන මාළා චිත‍්‍රපටයක්ද එහි දැක්විණ. ගැළවීමේ මාර්ගයක් පෙණෙන්නේ නැත. එහෙත් සෑම කතාවක්ම අවසන් වූයේ “මතු සම්බන්ධයි” යන වැකිය සමඟය.

පාවුල් අපොස්තුළුවරයා ජීවිත තර්ජන වලට අමුත්තෙකු නොවේ. ඔහු සිරගත විය, තැළුම් කෑවේය, ගල් ගසනු ලැබීය, නැව් මුහදුබත් වීම් වලට ලක් විය. එ් සෙනඟට ශුභාරංචිය ගෙනයාමට උත්සාහ කිරීමේදීය. කවදා හෝ ඔහු මිය යන බව පාවුල් දැන සිටියේය. එහෙත් එය කතාවේ අවසානය යැයි ඔහු නොසිතීය. පාවුල් කොරින්තියේ සිටි යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ට ලීවේ “දිරන සුලුවූ මේක නොදිරන භාවයටත් මරණීයවූ මේක අමරණීයභාවයටත් පැමිණි කල්හි: මරණය ජයෙන් ගිලිනා ලද්දේයයි ලියා තිබෙන වචනය සම්පූර්ණවේ” (1 කොරින්ති 15:54). පාවුල්ගේ ජීවිතයේ දැඩි අශාව වූයේ අපගේ ගැළවුම්කරුවාණන් වන යේසුස්වහන්සේ තම ජීවිතය කුරුසියේදී පුදදුන් බවද උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් අපගේ සියලු පාප වලට සමාවද සදාතනික ජීවිතය ලැබිය හැකි බවද අන් අයට කීමය.

අප සැම විට මරණින් බේරෙන චිත‍්‍රපටි වීරයෙකු මෙන් නොවේ. ක‍්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීමෙන් හෝ මරණින් අපගේ භෞමික ජීවිත අවසන් වන දිනය කවදා හෝ එනු ඇත. එහෙත් දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය සහ දයාව නිසා ඔබගේ සහ මාගේ ජීවිතය “මතුසම්බන්ධ” වේ.