එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකුවූ රොබට් කෙනඩි 1966දී දකුණු අප‍්‍රිකාවට වැදගත් සංචාරයක් කළේය. කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ ඔහු කළ සුප‍්‍රසිද්ධ “බලාපොරොත්තුවේ රැළි” නැමැති දේශනයේදී ඔහු වර්ණ වාදයට විරුද්ධවූවන්ට බලාපොරොත්තුවේ වචනයක් දුන්නේය. එම කථාවේදී ඔහු මෙසේ ප‍්‍රකාශ කළේය, “සෑම මතවාදයක් වෙනුවෙන් මිනිසෙකු නැගී සිටින, නැත්නම් අන් අයගේ තත්ත්වය දියුණු කිරීමේ ක‍්‍රියාවකට හෝ අසාධාරණත්වයට පහර දෙන සෑම විටම ඔහු බලාපොරොත්තුවේ කුඩා රැල්ලක් නික්මවයි. ශක්තියේ සහ නිර්භීතකමේ විවිධ මධ්‍යස්ථාන, මිලියන ගණනකින් එවැනි රැළි නිකුත්වී එ්වා එකිනෙක එකතුවේ. එම රැළි බලවත්ම පීඩාවේ සහ විරෝධයේ පවුරු බිඳගෙන යන විශාල රළපහරක් සාදයි.”

සමහර විට මේ ලෝකයේ බලාපොරොත්තුව ඉතා අල්ප බව අපට පෙනේ. එහෙත් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයාට ලබාගත හැකි අවසන් බලාපොරොත්තුවක් තිබේ. පේතෘස් “අපගේ ස්වාමීවූ යේසුස්ක‍්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවා… ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාද කළසේක” යනුවෙන් ලියා තිබේ (1 පේතෘස් 1:3-5).

ක‍්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීමේ සහතිකය නිසා දෙවියන්වහන්සේගේ දරුවාට කුඩා රැල්ලකට එහා ගිය බලාපොරොත්තුවක් තිබේ. එය අප වෙනුවෙන් මරණය පැරදවූ තැනන්වහන්සේ ගැන ඇති සහතිකය සහ විශ්වාසවන්තකමයි. මරණය එනම් අපගේ විශාලතම සතුරා කෙරෙහිලත් ජයග‍්‍රහණය නිසා බලාපොරොත්තුවක් නැතිම අවස්ථාවන්ට පවා බලාපොරොත්තුවක් දීමට යේසුස්වහන්සේට පුළුවන.