යුද නිලධාරියෙකුට සමස්ථ සැලසුමක් තිබිය හැක. එහෙත් සෑම සටනකටම පෙර ඔහු අලුත් උපදෙස් ලැබීමටත් ලබාදීමටත් කටයුතු කළ යුතුය. ඉශ‍්‍රායෙල් නායකයෙකුවූ යෝෂුවාටද මෙම පාඩම ඉගෙන ගත යුතු විය. දෙවියන්වහන්සේගේ සෙනඟ වසර 40ක් කාන්තාරයේ කාලය ගත කළ පසු ඔවුන්ට පොරොන්දුවූ දේශයට මඟපෙන්වීමට දෙවියන්වහන්සේ යෝෂුවා තෝරාගත්සේක.

ඔවුන් මුහුණ දුන් පළමු බළකොටුව වූයේ යෙරිකෝ නගරයයි. සටනට පෙර යෝෂුවා “ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියා” (සමහර විට යේසුස්වහන්සේම වියහැක), තමා ඉදිරියේ කඩුවක් අමෝරා ගෙන සිටිනවා දුටුවේය. යෝෂුවා මුණින් වැටී වැන්දේය. වෙනත් අයුරකින් කියන්නේ නම් ඔහු තමාගේ කුඩාකමත් දෙවියන්වහන්සේගේ විශාලත්වයත් දුටුවේය. ඉන්පසු ඔහු ඇසුවේ “ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්ද?” කියාය (යෝෂුවා 5:14). ස්වාමීන්වහන්සේගේ උපදෙස් අනුගමනය කළ නිසා යෝෂුවා යෙරිකෝවේදී ජයගත්තේය.

කෙසේ වෙතත්, තවත් අවස්ථාවකදී යෝෂුවා සහ ඔහුගේ සෙනඟ “ස්වාමීන්වහන්සේගෙන් දැනමුතුකම් නොවිචාරා” සිටියෝය (9:14). එහි ප‍්‍රතිඵලයක් ලෙස සතුරන්වූ ගිබියොන් සෙනඟ විසින් තමන් සමඟ කාන්තාර දේශයේදී ගිවිසුමක් ඇතිකර ගැනීමට ඔවුන් රවටනු ලැබීය. එය ස්වාමීන්වහන්සේට අප‍්‍රසන්න විය (3-26 පද). ජීවිත අරගල වලට මුහුණ දීමේදී අපද ස්වාමීන්වහන්සේ කෙරෙහි යැපී සිටින්නෙමු. යටත්කමින් අපි අද උන්වහන්සේ වෙත එ්ම උන්වහන්සේගේ දැඩි අශාව වේ. එසේම හෙටද උන්වහන්සේ අප වෙනුවෙන් සිටිනසේක.