මාගේ දෙමව්පියන් සමඟ පවුලේ දුර ගමන් නැවැත්වූ පසු මගේ සීයා සහ ආච්චී බැලීමට යාමට ලැබුණේ කලාතුරකිනි. ඔවුන් ජීවත්වූයේ සැතපුම් සියගණනකට එහාය. එක් වසරක දීර්ඝ සති අන්තයකදී විසකොන්සින්හි ඔවුන් සිටි කුඩා නගරය වන ලෑන්ඩ් ඔෆ් ලේක්ස්වෙත ගුවනින් යාමට මම තීරණය කළෙමි. මගේ ආපසු ඒම සඳහා ගුවන් තොටුපළට එන අතර කිසි දිනෙක ගුවන් ගමනක් නොගිය මාගේ ආච්චී මා ගැන බිය පළ කළාය. “ඔයා අවේ පොඩි ගුවන්යානයකනේ… එ්ක වැටුණොත් අල්ලගන්න කිසි දෙයක් නැහැ නේද?… එච්චර උඩ යන්න මම නං හරි බයයි.”

මම එ් ගුවන් යානයට ගොඩවන වේලාව ආ විට පළමුවර මා ගුවන් ගතවූ අවස්ථාවේ මෙන් බියට පත්වීමි. “මේ ගුවන් යානය ඇත්තෙන්ම අල්ලාගන ඉන්නේ කුමක්ද?”

හේතු රහිත බියට හෝ හේතු සහිත බියට වුවද අප අප‍්‍රාණික කිරීමට ඉඩ නොදිය යුතුය. දාවිත් පලායන්නෙකු ලෙස ජීවත් විය. සෙනඟ අතර දාවිත් ජනප‍්‍රියවූ බැවින් සාවුල් රජු ඊර්ෂ්‍යාවෙන් නොනවත්වා දාවිත් පසුපස හඹා ගියේය. දාවිත් බිය විය. දාවිත්ට සත්‍ය සමාදානය සහ පහසුව ලැබුණේ ඔහු දෙවියන්වහන්සේ සමඟ තබා තිබූ සම්බන්ධථාව තුළ පමණි. ගීතාවලිය 34හි ඔහු ලියන්නේ “ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තර දී මාගේ සියලු භයින් මා මිදූසේක” කියාය (4 පදය).

ස්වර්ගයේ සිටින අප පියාණෝ සියලු ඥානය සහ සියලු පේ‍්‍රමය ඇති තැනන්වහන්සේය. බිය අපව යටත්කරගෙන යාමට උත්සාහ කරන විට අප නැවත කල්පනා කළ යුත්තේ උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේ බවත් උන්වහන්සේ සෑම විට අප ඔසවන බවත්ය.