මගේ මුතුන් මිත්තන් මිචිගන් වෙත පැමිණි පුරෝගාමීන්ය. ඔව්හු වනය එළි කර, පැළ සිටුවා, ඔවුන්ගේ පවුල් වලට ආහාර සැපයීමට ගොවිපොළවල් ඇති කළෝය. මෙම කෘෂිකාර්මික නැඹුරුව පරම්පරා ගණනාවක් පුරා ඉදිරියට පැමිණ ඇත. මාගේ පියා හැදී වැඩුණේ මිචිගන්හි ගොවිපොළකය. ඔහු කෘෂිකර්මයට ප‍්‍රිය කළේය. මාද ගොවිතැනට සහ පොහොර පසට ආශා කරන්නේ ඇයි කියා එය විස්තර කරයි. ලස්සන මල් පිපෙන පඳුරු සහ තම සුවඳින් අපගේ වත්ත අලංකාර කරන රෝස ගස්වලට සාත්තු කිරීම මා ආශා කරන දෙයකි. වල්පැල නොමැති නම් එය ඉතා මනහර විය හැකිය.

වල්පැල සමඟ මා සටන් කරන විට මට මතක් වන්නේ ඒදන් උයනයි: ආදම් සහ ඒව දෙවියන්වහන්සේට අකීකරු වන තෙක් එය සම්පූර්ණ උද්‍යානයක් විය. ඉන්පසු
කටු සහ ගොකටු ඔවුන්ටද එදා සිට පැවත එන සියලු ගොවියන්ටද යථාර්ථයකි (උත්පත්ති 3:17-18).

බයිබලය තවත් උද්‍යානයක් ගැන පවසයි. එ් එ්දන් උයනෙහි ආරම්භවූ පාපයේ ප‍්‍රතිඵල කණපිට හැරවීමට මඟක් සෙවීම පිණිස ගැඹුරු වේදනාවකින් ක‍්‍රිස්තුස්වහන්සේ තම පියාණන්ට ආයාචනා කළ උද්‍යානයයි. එනම් ගෙත්සෙමනයි. එහිදී යේසුස්වහන්සේ විශාල වේදනාව මධ්‍යයෙහි පියාණන්ට භාරවූසේක. එ් “ඔබගේ කැමැත්ත වේවා” කියමිනි (මතෙව් 26:42).

යේසුස්වහන්සේ එම උද්‍යානයේදී භාරවූ නිසා එම විස්මිත අනුග‍්‍රහයේ ප‍්‍රතිඵල අපි නෙළාගනිමු. මෙය අප ජීවිතවලින් පාපයේ වල් නෙලීමකට උන්වහන්සේට යටත් වීමට අප පෙළඹේවා!